දේශීය පුවත්

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් අපනයනකරුවන් මුහුණදෙන ගැටළුවලට කඩිනමින් විසදුම් ලබා දෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ ඊට අදාළ යෝජනා කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

අමාත්‍යවරයා සහ කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිළධාරීන් අතර පසුගිය දා (21) පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

කොවිඩ් 19 වසංගතය ලොව පුරා පැතිර යාමත් සමඟ ලෝකය පුරාම අපනයන අඩාල වූ අතර ඒ නිසා මෙරට අපනයන කර්මාන්තයේ නියුතු කර්මාන්තකරුවන්  විවිධ දුෂ්කරතාවන්ට පත්ව තිබේ.

අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීම, බැංකු මඟින් එම භාණ්ඩවලට මුදල් ගෙවීම් කිරීමේ දී මතු ව ඇති ගැටළු, අපනයන ඇණවුම් සැකසීම වැනි කටයුතුවලදී ඔවුන් දුෂ්කරතාවන්ට පත්ව සිටින බව අපනයනකරුවන් තමන්ට දැනුම් දි ඇතැයි ඇමතිවරයා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය වෙනම අධ්‍යයක් සිදු කර ඇති අතර අපනයනකරුවන්ට සහන සැලසීම සඳහා වන යේජනා 08 ක් හඳුනා ගෙන තිබේ.

අපනයන ඇණවුම් සඳහා අමුද්‍රව්‍ය හිඟය මඟ හරවාලීම, අපනයනකරුවන් සඳහා රේගුව අනුගමනය කරන විශේෂිත බහු ක්‍රමය සඳහා පැහැදිලි මාර්ගෝපදේශ ලබා දීම, ආහාර පාන අපනයනය සඳහා බලපා ඇති ගැටළු හඳුනා ගෙන ඊට විසඳුම් ලබා දීම වැනි යෝජනා ඊට ඇතුළත් වෙයි.

අපනයනකරුවන් මුහුණ පා තිබෙන ගැටළු සම්බන්ධයෙන් ජනාධිපති කාර්යය සාධන බලකාය ද දැනුවත් කිරීමට තමන් පියවර ගත් බව පවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා අපනයනකරුවන්ගේ ගැටළුවලට කඩිනම් විසඳුම් ලබා දෙන බව එම බලකාය ද සඳහන් කළ බව කියා සිටියේය.

ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් රටපුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ අපනයන කර්මාන්තකරුවන්ගේ ගැටළු විසදීමට අපනයන සංවර්ධන මණ්ඩලය සක්‍රීයව දායක වු බවයි.

පාරිභෝගික සහාය සඳහා වෙන් වු වෙන ම උපකාරක සේවාවන් ආරම්භ කෙරුණ අතර සමාගම්වල ක්‍රියාකාරීත්වය පිළිබඳ ව අධික්ෂණය කිරීම ද ඒ අනුව සිදු කෙරිණ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More