දේශීය පුවත්

අරලිය සහල් මෝල වෙතට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් ඊයේ දිනයේ ඇතුළු වී පරික්ෂා කිරීමෙන් පසු එහි සභාපති ඩඩ්ලි සිරිසේන මහතා විසින් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇත.

තම සමාජ ජාල ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ පොළොන්නරුවේ ජීවනාලිය බඳු මෙම ව්‍යාපාරය දේශපාලනය නම් මඩ ගොහොරුවට ඈඳා ගැනීම තරයේ හෙළා දකින බවයි.

පොළොන්නරුවේ සිටින බංකොලොත් දේශපාලඥයෙක් විසින් තම දේශපාලන උවමනාවන් වෙනුවෙන් මෙම කටයුතු සිදු කිරීම ගැන ජනාධිපතිතුමන්ගේ අවධානය ඉක්මනින් යොමු වෙනු ඇති බව ද ඔහු ප්‍රාර්ථනා කරයි.

ඊයේ දිනයේදී ඔහු නිලධාරීන් වෙත දැඩිව කියා සිටියේ අඩු මිලට සහල් දිය නොහැකි බවත් තමන් හිරේ යාමට සූදානම් බවත්ය.

සමාජ ජාල ගිණුමේ තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.

https://www.facebook.com/connectwithDudley/videos/898299283967345/?t=81



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More