ඇඳිරි නීතිය තවදුරටත් ලිහිල් කරනු ලබන පසුබිමක කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
ශ්‍රී ලංකාව රටක් ලෙස සාර්ථකව කොරෝනා ව්‍යාප්තිය පාලනය කළද සමාජය තුළ කොරෝනා වෛරස් ආසාදිතයෙකු නොමැති බව තහවුරුවක් ලබාදීම සඳහා තවත් කාකලයක් ගතවනු ඇති බවයි වෛද්‍ය මතය වී ඇත්තේ.
සමාජ දුරස්ථභාවය, අත් සේදීම මෙන්ම ජනාකීර්ණ ප්‍රදේශවල මුඛ ආවරණ පැළඳීම රට විවෘත වුවද අනිවාර්යෙන්ම සිදුකළ යුතු බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසා සිටියේ ය.
ශ්‍රී ලංකාව තුළ මේ දක්වා කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමේ පී.සී.ආර් පරීක්ෂණ 53,092 ක් සිදු කර තිබෙනවා.
ඊයේ දිනයේ පමණක් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව 1,998 කි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...