දේශීය පුවත්

මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල යෝජනා හා අදහස් ලබා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ මෙවර මහ මැතිවරණයට තරග කරන සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට ලිඛිතව අදාළ දැනුම් දීම සිදුකර ඇති බවයි.

රට තුළ පවතින වාතාවරණය හමුවේ මැතිවරණය පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සහ පක්ෂවලට පවතින ගැටළු සම්බන්ධයෙන් මෙහිදී දැනුම් දිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව තීරණය කිරීමට නියමිත අතර ඒ සඳහා පක්ෂවල මතය විමසීමේ අරමුණින් මෙම ඉල්ලීම සිදුකර ඇති බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

අප්‍රේල් 25 වන දින පැවැත්විමට නියමිතව තිබු මහ මැතිවරණය කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් ජුනි 20 වන දින දක්වා කල් තැබීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගත් අතර එම දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් විය.

පසුගිය සතිය තුළ අදාළ පෙත්සම් සලකා බැලීම සිදුවූ අතර යළි ලබන 26 වන දින එම පෙත්සම් සලකා බැලීම නියමිතයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More