දේශීය පුවත්

ශරීරයේ ආසාත්මිකතාවයක් සම්බන්ධයෙන් වැරැදි වෛද්‍ය වාර්තාවක් ලබාදී ඉන්පසුව එම වාර්තාව අයතා ක‍්‍රමයකින් කුරුණෑගල රෝහල් බාරයෙන් අස්ථානගත කළැයි කියමින් කුරුණෑගල අලකොලදෙනියේ වකුගඩු රෝගියකුගේ දියණියක විසින් පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයකට එරෙහිව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අද(24)පැමිණිල්ලක් කරනු ලැබ තිබේ.

වකුගඩු රෝගයෙන් පීඩා විඳින තම පියාගේ සිරුරේ මතු වූ ආසාත්මිකතාවයක් සම්බන්ධයෙන් පවුලේ වෛද්‍යවරයා දුන් උපදෙස් අනුව ඉලෙක්ට්‍රොලයිට්ස් සේරම් නමැති වෛද්‍ය පරීක්ෂණය කුරුණෑගල කොළඹ පාරේ පිහිටි වයඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය නමැති පෞද්ගලික රසායනාගාරයෙන් සිදුකිරීමෙන් පසුව මෙම තත්ත්වය උද්ගත වී යැයි එස්.එම්.ටී පියතිස්ස මහත්මිය මෙසේ පැමිණිලි කර ඇත.

එම සදොස් වාර්තාවේ දැක් වූ පොටෑසියම් අගය අනුව තම පියා මාරාන්තික අවස්ථාවකට පැමිණ ඇති බැවින් වහාම රෝහල්ගත කරන්නැයි විශේෂඥ වෛද්‍ය රජීව දසනායක මහතා උපදෙස් දුන්නේ යැයි ද ඉන් අනතුරුව කුරුණෑගල රෝහලට ඇතුලත් කළ රෝගියාට පොටෑසියම් ලබාදීමට වෛද්‍යවරුන් යුහුසුළුව කටයුතු කළේ යැයි ද එයින් පසුව නැවතත් අදාළ පරීක්ෂණය රෝහලෙන් සිදුකිරීමෙන් පසුව ඔහුගේ රුධිරයේ පොටෑසියම් අගය අධිඅවදානම් අගයකට පැමිණ තිබුණේ යැයි ද එම පැමිණිල්ලේ සඳහන් වේ.

එයින් පසුව කුරුණෑගල රෝහලේ නිලධාරින් අදාළ පෞද්ගලික රසායනාගාරයට කතා කොට එම වාර්තාව සදොස් බව දැන්වී යැයි ද එතැන් සිට පෞද්ගලික රසායනාගාරයේ සේවකයන් තමාට කතා කර එම වාර්තාව ඉල්ලා බලපෑම් කළේ යැයි ද ඇය පැමිණිලි කර ඇත.

අයථා ක‍්‍රමයකින් එම වාර්තාව අස්ථානගත කරනු ඇතැයි යන සැකය නිසා එයින් පසු තමා අදාළ වාර්තාවේ ඡායාරූපයක් ගත් නමුත් එදින සවස් වරුවේ පරීක්ෂා කරද්දී පියාගේ වෛද්‍ය වාර්තා ගොනුවෙන් එය අස්ථානගත වී ඒ වෙනුවට දත්ත වෙනස් කළ ව්‍යාජ වාර්තාවක් ඊට එක්කර තිබුණේ යැයි පවසන ඇය ඒ සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට ලිඛිතව පැමිණිලි කළේ යැයි ද සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් කුරුණෑගල රෝහල් පරිපාලනයෙන් සාධාරණයක් සිදු නොවන බැවින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරන්නේ යැයි ද සිදුවීමෙන් දැඩි  මානසික කම්පනයට පත්ව සිටින සිය පවුලට සාධාරණය ඉටුකර දෙන්නැයි ද එස්.එම්.ටී පියතිස්ස මහත්මිය එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More