පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ සෞඛ්‍ය නිර්දේශ අතරින් ඇතැම් නිර්දේශ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් පිළිනොගැනීම නිසා ඒ පිළිබඳ නැවත සමාලෝචනය කිරිමට සෞඛ්‍ය බලධාරීන්ට සිදු වී ඇති බව වාර්තා වේ.
මැතිවරණය පැවැත්වීමට සුදුසු වාතාවරණයක් නිර්මාණය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා දුන් නිර්දේශ මඟින් දැනුම් දී ඇත.
මැතිවරණය පැවැත්වීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අතුරින් ඇතැම් ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට අපහසු බව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් දැනුම්දී ඇති බවත් එම දැනුම්දීමෙන් පසු සෞඛ්‍ය ආරක්ෂිතව මැතිවරණය පැවැත්වීමට උපදෙස් ලබාදීමේ දී මැතිවරණ කොමිෂන් සභාව පිළිගන්නා ආකාරයට සෞඛ්‍ය නිර්දේශ පිළියෙළ කිරීමේ ගැටලුවකට සෞඛ්‍ය බලධාරීන් මුහුණපා ඇති බවට ද තොරතුරු වාර්තා වේ.
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කළ හැක්කේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාට මිස මැතිවරණ කොමිෂන් සභාවට නොවන බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේද සඳහන් කළේය.
එවන් පසුබිමක් තුළ, සෞඛ්‍ය නිර්දේශ මැතිවරණ කොමිෂන් සභාව නොපිළිගැනීම ගැටලු සහගත බව ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...