පොලිස් රැුඳවුම් භාරයේ සිටි කොටි ජාත්‍යන්තර ජාලයේ ප‍්‍රබල නායකයන් වූ ප‍්‍රදීප් මාස්ටර්, දර්ශන් මාස්ටර්, මැලේසියන් රාජන්, ලන්ඩන් කපිලන් සහ ස්විස් ඥානම් අබිරහස් ලෙස නිදහස් වී ඇත. මින් මැලේසියන් රාජන් යනු කොටි ජාත්‍යන්තර මූල අංශයේ දෙවැනියා වන අතර ඔහු සතුව අති විශාල මුදල් සම්භාරයක් ද වේ.
ප‍්‍රදීප් මාස්ටර් යනු කොටින්ට ගුවන් යානා සැපයූ තැනැත්තායි. මොවුන් සමග රඳවා සිටි කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක දර්ශන් මාස්ටර් ද නිදහස් වී ඇත.
ගත වූ කාලයේදී මොවුන් නිදහස් වූයේ කෙසේ ද යන්න ගැන ත‍්‍රස්ත මර්දන කාර්යාංශය වසන් කර තිබේ. මේ ප‍්‍රබල කොටි නායකයන් නිදහස් වූ ආකාරය ගැන ත‍්‍රස්ත මර්දන කාර්යාංශය හිටපු ජනාධිපතිවරුන් වූ මහින්ද රාජපක්‍ෂ සහ මෛත‍්‍රිපාල සිරිසේන යන මහත්වරුන්ට ද වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ද දැනුම් දී නැත.
ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග පැවසුවේ කොටි ජාත්‍යන්තර ජාලයේ ප‍්‍රබල නායකයන් නිදහස්වීම සිදු වූයේ කෙසේ ද යන්න ද්‍රවිඩ සන්ධානය දැන සිටි බවයි. මෙම පිරිස දැන් බි‍්‍රතාන්‍යයේ සහ ස්විට්සර්ලන්තයේ වාසය කරති.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...