දේශීය පුවත්

රාමසාන් හෙවත් ඊදුල් ෆීතර් උත්සවයට එක්වන මෙරට සහ ලොව පුරා ඉස්ලාමීය බැතිමතුන්ට සුභාසිංශින පිරිනමන බව රාමසාන් පණිවිඩය නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලාංකේය ජන සමාජයේ ඉස්ලාමීය සහෝදරත්වය අතීතයේ පටන් ලොවට ආදර්ශයක් වන අතර එම සහෝදරත්වය පළුදු කිරීමට අන්තවාදී සුඵු පිරිසකට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

එබැවින් රාමසාන් සමයේ අවිශ්වාසය, සැකය දුරු කර ශුද්ධ වු අල් කුරානයේ ඉගැන්වීම් දැඩිව ධාරණය කරගත යුතු බවට තම විශ්වාසය බව ජනාධිපතිවරයා සිය සුභාසිංශනය පිරිනමින් වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපතිවරයා රාමසාන් දින පණිවිඩය වැඩිදුරටත් පහතින් දැක්වෙයි.

“ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් සමග රාමසාන් හෙවත් ඊදුල් ෆීතර් උත්සවයට එක්වන අපේ රටේ ඉස්ලාම් බැතිමතුන් වෙත මගේ සුභාශිංසන පිරිනමමි.

ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාස ශීලය රැක ඉන් අනතුරුව නව සඳ බැලීමෙන් පසු එළඹෙන ඊදුල් ෆීතර්, ඉස්ලාමීය ආගමික දින දර්ශනයේ අතිශය වැදගත් උත්සවයකි.

ඉස්ලාම් ධර්මය ගොඩනැගී ඇති කුළුණු පහෙන් එකක් වන අස්සවුම් හෙවත් රාමසාන් උපවාසය පිළිබිඹු කරන්නේ ලෞකික ආශාවන්ගෙන් දුරස් වී පවිත්‍ර යහපැවැත්මෙන් පරමාදර්ශී පිළිවෙතක පිහිටීමයි.

ලොව පුරා කුසගින්නෙන් පීඩා විඳින ජනයා කෙරෙහි පරිත්‍යාගශීලී වීමට මෙන්ම සිත දමනය කර ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීමටත් මේ සමය මහඟු අවස්ථාවක් ලෙස ඉස්ලාමීය බැතිමත්හු සලකති.

අතිශය සංකීර්ණ එමෙන්ම පෙර නොවූ විරූ ආකාරයේ අර්බුදයකට සමස්ත ලෝකවාසීන් මුහුණ දී සිටින මෙවන් වකවානුවක සහනශීලි වටපිටාවක් නිර්මාණය කර ගත හැකිවන්නේ අන්‍යයන් කෙරෙහි සංවේදී වීමෙන් සහ ආත්ම දමනයෙන් බව රාමසාන් සමය සමාජයට දෙන පණිවිඩයකි.

ශ්‍රී ලාංකීය ජන සමාජයේ ඉස්ලාමීය සහෝදරත්වය අතීතයේ පටන් ලොවට ආදර්ශයක් විය.

ඒ සහෝදරත්වය පළුදු කිරීමට අන්තවාදී සුළු පිරිසකට අප ඉඩ තැබිය යුතු නොවේ.

අන්තවාදී අදහස් ඉස්ලාම් දහමේ හරයට පසමිතුරු බව සැබෑ ඉස්ලාම් භක්තිකයාගේ පිළිගැනීමය.

එබැවින්, මේ රාමසාන් සමයේ අවිශ්වාසය, සැකය දුරු කර ශුද්ධ අල් කුරානයේ ඉගැන්වීම් දැඩිව ධාරණය කර ගත යුතු බව මම විශ්වාස කරමි.

රාමසාන් සමය තුළ ඉස්මතු කෙරෙන හර පද්ධතීන් ගිනිගෙන දැවෙන ලොවට සිසිලක් වේවා යන අපේක්ෂාවෙන් යුතුව සියලුම ශ්‍රි ලාංකික මුස්ලිම් බැතිමතුනට මෙන්ම ලොව පුරා ඉස්ලාම් ලබ්ධිකයනට ප්‍රීතිමත් ඊදුල් ෆීතර් උත්සවයක් වේවා යි පතමි.“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More