කොරෝනා වෛරස රෝගය පාලනය සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය නිසා පීඩාවට පත්ව සිටින ජනතාවට රජය විසින් ලබාදුන් රුපියල් පන්දහසේ සහනාධාර මුදල නතර කරන ලෙස මැතිවරණ කොමිසමට බලපෑම් කළ දේශපාලනඥයින් කවුදැයි කියා ඉදිරියේදී ප‍්‍රසිද්ධියට පත්වූ පසු ජනතාව ඔවුනට ඉදිරි මහ මැතිවරණයේදී නිසි ප‍්‍රතිචාර දක්වනු ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
කොරෝනා වසංගතය නිසා සිය දෛනික ආදායම අහිමි වූ පවුල්වලට රජය විසින් ලබාදුන් මෙම රුපියල් පන්දහසේ දීමනාව ප‍්‍රමාණවත් නැතැයි කියමින් විපක්ෂයේ සමහරු ප‍්‍රසිද්ධියේ කිඹුල් කඳුළු හෙළා අප‍්‍රසිද්ධියේ මැතිවරණ කොමිසමට ගොස් ඊට එරෙහිව පැමිණිලි කර ජුනි මාසයට මෙම දීමනාව ලබාදීම නතර කිරීමට කටයුතු කර ඇතැයිද අගමැතිවරයා සඳහන් කළේය.
මෙය දේශපාලන අල්ලසක් යැයි පවසමින් විපක්ෂය කොරෝනා වසංගතය ද දේශපාලනීයකරණය කිරීමට උත්සාහ කිරීම ගැන තමා කනගාටු වන බවද මෙම මුදල ලබාදුන්නේ පීඩාවට පත්ව සිටින ජනතාවට සහනයක් ලෙස බවද මෙහි කිසිදු දේශපාලන අරමුණක් නැතැයිද අගමැති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීවේය.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...