පුරවැසි කොලම

1920 වසරේ අපේ‍්‍රල් 30 වැනි දින එංගලන්තයේ යෝක්ෂයර්හි උපත ලද තෝමස් මුවර් මේ වෙන විට වයස අවුරුදු සියය සපුරන ලද ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකි. එහෙත් ඔහු ගැන අද ලෝකයා කතා බහ කරන්නේ මුවර් වසර සියයක් ජීවත් වූ නිසාම නොවේ.ජීවත්වීමේ වාසනා ගුණයත් සමග ඔහුගේ සමාජ සත්කාර්යය අද ලෝකයාගේම කතා බහට විෂය වී තිබේ.

තෝමස් මුවර් පාසල් අධ්‍යාපනයෙන් පසුව සිවිල් ඉංජිනේරු විද්‍යාව හදාරා බි‍්‍රතාන්‍ය හමුදාවට එක් වන්නේ දෙවන ලූතිනන්වරයෙක් ලෙයසි. ඒ 1941 වසරේදීය.දෙවන ලෝක යුද්ධ සමයේදී බුරුමය,ඉන්දියාව වැනි රටවල බි‍්‍රතාන්‍ය හමුදාව වෙනුවෙන් සේවය ලබා දීමෙන් අනතුරුව බි‍්‍රතාන්‍යයේ සන්නද්ධ රථ පුහුණු පාසලක උපදේශකයෙකු ලෙසින් සේවය කිරීමෙන් අනතුරුව ඔහු කපිතාන්වරයෙකු ලෙසින් හමුදා සේවයෙන් විශ‍්‍රාම ලබා ගත්තේයඔහු ජනතාව අතර වඩාත් ජනපි‍්‍රය වූයේ ‘‘කැප්ටන් ටොම් ’’යන ආදරණීය ආමන්ත‍්‍රණයෙන්ය..කොන්කි‍්‍රට් සමාගමක කළමණාකාර අධ්‍යක්ෂක ලෙස සේවය කළ ටොම් යතුරුපැදි ධාවකයෙකු ලෙසින්ද සිය හැකියාවන් පෙන්නුම් කළ කාර්යශීලී චරිතයක් විය.

toma2කාලය සමග පරිණත වුන කපිතාන් ටොම් මේ වෙන විට ශාරිරික ලෙසින් දුර්වල වුනත් ඔහුගේ චිත්ත ශක්තිය සහ මානව දයාව කිසිදු ලෙසකින් හදවතින් බැහැර වූයේ නැත.උකුල් ඇටය බිඳී යෑම නිසා ඇවිදීමේ අපහසුතාවයෙන් පසු වෙන කපිතාන් ටොම් කොවිඞ් 19 වසංගත තත්වයේදී තමාගෙන් යම් මෙහෙවරක් ලෝකයාට විය යුතුය යන අධිෂ්ඨානයෙන් යුක්ත වූ චරිතයක් විය.

ඒ 2020 වසරේ අපේ‍්‍රල් මාසයේ 6 වැනි දාය. මේ වෙන විට කොවිඞ් 19 වෛරස ආසාදනයෙන් බි‍්‍රතාන්‍ය දරුණු ලෙසින් ගොදුරු වෙන යුගයක් විය. වයස අවුරුදු 99 ක්ව සිටි ටොම් එලැඹෙන අපේ‍්‍රල් 30 වැනි දිනට වසර සියයක් සපුරනු ඇත. මේ තීරණාත්මක ජන්ම දිනයේදී ලෝකයට දැනෙන්නට යමක් කළ යුතු යැයි ඔහු සිතුවේය.

2020 අපේ‍්‍රල් 30 වැනි දා වෙන විට මම ගෙවත්ත වටා වට සියයක් ඇවිදිනවා. එයින් ලැබෙන ආදායම බි‍්‍රතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාවට ( භ්එසදබ්ක ්‍යැ්කඑය ීැරඩසජැ – භ්‍යී * බැර කරනවා…ඒ ඔහුගේ ඉලක්කයයි.මේ පිලිබඳව අදහස් ඉදිරිපත් කරන කපිතන් මුවර් සඳහන් කරන්නේ….ලෙඩ රෝග මගේ ජීවිතයේ මට බොහෝ පීඩා කලා.මට පිළිකාවක් හැදුනා.ඒ අවස්ථාවේදී එක්සත් රාජධානියේ සෞඛ්‍ය සේවාව මට ප‍්‍රතිකාර වෙනුවෙන් වගේම මගේ මනස ශක්තිමත් කර ගන්නත් මට ධෛර්ය ලබා දුන්නා.එතැනින් නැවතුනේ නැහැ.මගේ උකුල් අස්ථිය බිඳී නැවත මම ඔත්පොල වුණා. ඒ අවස්ථාවේදීත් මගේ පිටුපසින් මට නැගිටින්න ධෛර්ය ලැබුනේ බි‍්‍රතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාවෙන්.ඒ නිසා මම ප‍්‍රතිඋපකාරයක් කළ යුතුම අවස්ථාව දැන් ඇවිත

ආධාරකයක් නොමැතිව ඇවිද යෑමේ අපහසුතාවයෙන් පසුවෙන මුවර් වැනි වයෝවෘද්ධ පුදගලයෙකුට මේ ඉලක්කය සපුරන්න හැකි වේදැයි හිතුනත් ඔහු පසුබැස්සේ නැත.අපේ‍්‍රල් 6 වැනි දිනෙන් ආරම්භ වුන ඔහුගේ වට සියයේ ඇවිදීම අපේ‍්‍රල් 16 වැනි දින වෙන විට සම්පූර්ණ කරනු ලැබුවේ ස්ටර්ලින් පවුම් මිලියන 4 ක ආදායමත් ඉක්මවා යමින්ය. ්.මම ඉලක්ක කළේ ස්ටර්ලින් පවුම් 10,000 ක්.ඒත් අද මම හිතුවේ නැති මුදලක් මේ අරමුදලට එකතු වෙලා..

ඔහුගේ ඉලක්කය සපුරන මොහොතේ යෝක්ෂයර් රෙජිමේන්තුවේ 1 වන බලඇණියේ සොල්දාදුවන් විසින් උත්තමාචාර පුද කරන ලදී.

මේ අතර කපිතාන් මුවර් බි‍්‍රතාන්‍ය පුරා ආකර්ශණීය චරිතයක් බවට පත් විය.ඔහුගේ ජීවිත කතාව කෙරෙහි හැමදෙනාගේම උනන්දුව ඇති විය.‘‘ඔබ ඇවිදින්නේ තනියම නොවේ…’’ යනුවෙන් ගීතයේ ආවරණ අනුවාදනයක් නිර්මානය වූ අතර එක්සත් රාජධානියේ සංගීත ප‍්‍රස්ථාරවල ඉහලින්ම ඇත්තේ මේ ගීත අනුවාදනයයි.මුවර් එක්සත් රාජධානියේ විශිෂ්ටතම වයෝවෘද්ධ පුද්ගලයා බවට පත් වූ අතර මේ වෙන විට තනි පුද්ගලයෙකු විසින් එකතු කරන ලද විශාලම අරමුදල ලෙසින් ගිනස් වාර්තාවක්ද තැබීමට මුවර් සමත් වී තිබේ.

ඔහුගේ සියවැනි ජන්ම දිනය දින අති උත්කර්ෂවත් ලෙසින් සැමරීමට රාජකීය හමුදාව විසින් කටයුතු සැලසුම් කරන ලදී.එදිනට රාජකීය හමුදාව මුවර්ගේ නිවසට ගොස් ඔහුගේ ජීවිතයේ සුවිශේෂී වූ සියවැනි ජන්ම දින වෙනුවෙන් සුබපැතුම් එක්් කරද්දී දෙවැනි ලෝක යුද්ධ සමයේ බි‍්‍රතාන්‍ය විසින් බාවිතා කරන ලද ගුවන් යානා දෙකක් ඔහුගේ නිවසට ඉහලින් පියාසර කරන ලදී.බි‍්‍රතාන්‍ය දුම්රිය සේවාව විසින් මුවර් නමින් දුම්රියක් නම් කරන ලද්දේ ඔහුගේ සේවාවට උපහාරයක් ලෙසින්ය.

සෑම දුම්රිය ස්ථානයකින්ම ශබ්ද විකාශන යන්ත‍්‍ර

මගින් මුවර් වෙනුවෙන් වූ සුබ උපන්දිනයක් ගීතය විසුරුවා හරින ලදී.ලෝකය පුරා විසිරී සිටි පිරිස් වෙතින් මුවර්ට උපන්දින සුබපැතුම්පත් එක්ලක්ෂ පණස් දහස ඉක්වමින් ලැබෙද්දී ඒ අතරට දෙවැනි එලිිසබෙත් රැුජින, බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් විසින් එවන ලද සුබපැතුම්පත්ද විය.ටොම් වෙනුවෙන් ටදකා ඊකමැ ඡුැඑැර ඉ්ාටැ රන් ලාංඡුනය පිරිනමන ලද අතර මේ ඉහළම ගෞරවය ලත් පුද්ගලයන් අතර සිටින්නේ දෙවන එලිසබෙත් රැුජින සහ ශි‍්‍රමත් ෘ්ඩසා ්එඑැබඉදරදමටය වැනි පුද්ගලයන් ද්විත්වය පමණි.

ඔහුගේ සියවැනි උපන්දිනය දා ඔහු නිල වශයෙන් කර්නල් තනතුර වෙනුවෙන් උසස් කරන ලදී.

‘ඔබ කැමැති නම් මට කර්නල් කියලා කතා කරන්න..හැබැයි මම තවමත් කැප්ටන් ටොම් තමයි…මේ ඔහුගේ නිහතමානී ප‍්‍රකාශයයි.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More