ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ම විෂබීජනාශක දියර ඉසීම මහජන සෞඛ්‍යයට හානි කර බව ප්‍රකාශ කර ඇති තත්ත්වයක් තුළ වෙළඳපලේ පවතින විෂ රසායනික ද්‍රව්‍ය යොදාගෙන නිපදවා ඇති විෂබීජනාශක දියර (Sanitizer) වෙනුවට ආයුර්වේදීය ශාඛ සාරයන් යොදාගෙන සිරුරට /සමට හානිකර නොවන ලෙස නිපදවා ඇති විෂබීජනාශක දියර නිවෙස් තුළ මෙන්ම එළිමහනේද බියෙන් සැකයෙන් තොරව භාවිත කළ හැකි බව මීගොඩ ආයුර්වේද රෝහලේ විශේෂඥ වෛද්‍ය සුගීස්වර ජයකොඩි මහතා පවසයි.
දැනටමත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය යටතේ පවතින ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් කෝමාරිකා, කොහොඹ, වදකහ, නෙල්ලි, දෙළුම් ලෙලි වැනි ශාඛ කොටස් යොදාගෙන විෂබීජනාශක දියර (Sanitizer) නිපදවා ඇති අතර, මේවායේ අතුරු විපාක නොමැති බවත් සිරුරට හා සමට හානිකර නොවීම නිසා ඒවා සෞඛ්‍ය බළධාරීන්ට වුවද මහා පරිමාණයෙන් විෂබීජානුකරණ කටයුතු වෙනුවෙන් යොදා ගත හැකි බව වෛද්‍ය ජයකොඩි කීවේය.
ඔහු වැඩි දුරටත් මෙසේද පැවසීය .”මෙවැනි ස්වභාවික ද්‍රව්‍යන්ගෙන් නිපදවා ඇති විෂබීජනාශක දියර භාවිතා කිරීමට හැකිනම් එය සිරුරට මෙන්ම සමටද ඉතා යහපත්ය .ඒවායින් පරිසරයටද අයහපත් ප්‍රතිඵල ඇති නොවේ. වත්මන් සමාජයේ එළවළු පළතුරු සේදීමට පවා කෘත්‍රිම විෂබීජනාශක වර්ග යොදාගන්නා ආකාරය දැන් දක්නට ලැබේ .මේවා විෂ සහිතය. මෙහිදී අරළු ගෙඩි කිහිපයක් තලා තම්බාගත් ජලය එළවළු පළතුරු සේදීමට යොදා ගත හැකි නම් එම ස්වභාවික විෂබීජනාශක දියර පරිසරයට එකතු වුවද පරිසරයට හානියක් සිදු නොවේ.එමගින් ගස් වැල් වලට සිදු වන හානියද අවම කර ගත හැකිය .මේ නිසා හැකි සැම විටම ස්වභාවික විෂබීජ නාශක දියර භාවිතයට උනන්දු විය යුතු අතර ඉහත දැක්වූ විෂබීජනාශකයක් වශයෙන් යොදා ගත හැකි ශාඛමය කොටස් තැම්බූ වතුර නිවසේදීම සකස් කරගෙන භාවිත කිරීමට දැන් සිටම ජනතාව පුරුදු විය යුතුය .සමාජයේ වර්තමානයේ සුලභව දක්නට ලැබෙන ඵිළිකා තත්ත්වයන් , වකුගඩු අක්‍රිය වීම ,අක්මා රෝග මෙන්ම බෝනොවන රෝග වලටද හේතු වී ඇත්තේ සිරුරට /සමට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු විෂබීජනාශක බව අමතක නොකළ යුතුය.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...