දේශීය පුවත්

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය විශ්වාසනීයම පිරිසකට තමන් වගකීම් පවරා ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති බෞද්ධ උපදේශක සභාව අමතමින්.

සෑම මසකම තුන්වැනි සිකුරාදා රැස්වන බෞද්ධ උපදේශක සභාව ඊයේ පස්වරුවේ දෙවැනි වරට ජනාධිපති කාර්යාලයේදී රැස් විය.

බුදු දහමට සහ ත්‍රිපිටකයට පටහැනි ඇතැම් භික්ෂු ක්‍රියාකාරකම් හේතුවෙන් ශාසන කතිකාවතක අවශ්‍යතාව පිළිබඳව මෙහිදී මහා සංඝරත්න දීර්ඝවශයෙන් ජනාධිපතිවරයා දැනුවත් කළේය.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ ඒ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සහ යෝජනා ඉදිරිපත් කළහොත් තම ධුර කාලයේදී ඊට අවශ්‍ය පිළියම් යෙදිය හැකි බවයි.

මේ අතර ලොව සියලු රටවල් කොවිඩ් පරාජය කිරීම සම්බන්ධයෙන් රජය ගත් පියවර අගයද්දී විපක්ෂය ඉතා කුහක ලෙස සියලු කටයුතු හෙළා දැකීම පිළිකුල් සහගත බව ද උන්වහන්සේ එහිදී පෙන්වා දුන්හ.

ඒ අතර මහල් නිවාස ආශ්‍රිතව කොවිඩ් නයින්ටීන් වෛරසය නැවත ව්‍යාප්තවීමේ අවධානමක් සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු හෙළි විය.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවන විවිධ ගැටලු මහාසංඝරත්නය විසින් ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කළ අතර එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තමා සතු වගකීම උපරිමයෙන් ඉටුකරන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More