දේශීය පුවත්

ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මත දෙකක පිහිටා කටයුතු කිරීම බරපතළ ගැටලු සහගත තත්වයක් උදාකර ඇතැයි දේශපාලන විචාරකයෝ සඳහන් කරති.

රටේ පවතින වත්මන් තත්වය මත ජූනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නැතැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මැයි මස 20 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට නිල වශයෙන් දැනුම් දී තිබුණි.

එහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා එහිදී සඳහන් කළේ මැතිවරණයක් පැවැත්වීමට හැකි බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ඇතුළු සමස්ථ සෞඛ්‍ය අංශවලින් කොළ එළියක් ප්‍රකාශයට පත්වන තුරු මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බවය.

එබැවින් රටේ පවතින තත්වය මත ජූනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නොමැති බවද මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන් අතර එසේ තිබියදීම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මැයි මස 17 වැනිදා ජනාධිපති ලේකම්වරයා, අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඇතුළු නිලධාරීන් වෙත යැවූ ලිපියක් මඟින් වසංගත තත්වය පාලනය වී රට සාමාන්‍ය තත්වයට පැමිණ ජනතාවට ස්වකීය එදිනෙදා කටයුතු ඉටු කර ගත හැකි තත්වයක් පවතී නම් 2020 ජූනි මාසයේදී රුපියල් 5000 ආධාරය ජනතාවට ලබා දීමේ අවශ්‍යතාවයක් තිබේද යන්න සලකා බැලීමට අවශ්‍ය බව සඳහන් කිරීම තුළ මෙම මත දෙකක උභතෝකෝටිකය පැන නැගී ඇතැයිද දේශපාලන විචාරකයෝ පවසති.

ඒ අනුව මැතිවරණ කොමිසම කිසියම් බාහිර න්‍යාය පත්‍රයකට සිරකරුවෙකු බවට පත්ව ඇත්දැයි බරපතළ සැකයක් ඉස්මතු වන බවද ඔවුහු තවදුරටත් සඳහන් කරති.

මේ අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා සාමාජික නලින් අබේසේකර මහත්වරුන් වගඋත්තරකරුවන්ගේ වාචකය ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්විය නොහැකි බවට වූ ප්‍රකාශය කිසිඳු වැදගැම්මකට නැති බල රහිත වූත්, පදනම් විරහිත වූත් ප්‍රකාශයක් ලෙස සලකා බැහැර කරන ලෙසද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මැයි 20 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක්ද කර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More