දේශීය පුවත්

කොවිඩ් 19 වෛරසය සමග ලොව රටවල් කිහිපයක කුඩා දරුවන් අතර වාර්තා වූ “කවසකි” රෝගය මෙරට ද පවතින බව කොළඹ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි. මෙම රෝග තත්ත්වය වයස අවුරුදු 5 ට අඩු දරුවන්ට බලපාන බැවින් දෙමාපියන් හොද අවබෝධයකින් ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බවද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

දින 05 කට වඩා වැඩි කාලයක් උණ, සිරුරේ රතු ලප ඇතිවීම, බෙල්ලේ වසා ගැටිති ඉදිමීම, දිව ස්ට්‍රොබරි ගෙඩියක් මෙන් රත් පැහැ ගැන්වීම සහ ඇස් රතුවීම මෙම රෝගයේ මුලික රෝග ලක්ෂණ බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කර සිටියේය. එමෙන්ම BCG එන්නත ලබාදීමෙන් පසු ඇතිවන කැළල වටා රතු පැහැති බිබිලි ඇතිවීම මගින් මෙම රෝගය හඳුනා ගැනීමට හැක.

” සාමාන්‍යයෙන් වසරකට “කවසකි” රෝගය ආසාදනය වූ රෝගීන් 50 ක් 100ක් අතර ප්‍රමාණයක් මෙරටින් වාර්තාවේ. නමුත් කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය සමග කවසකි කියන මෙම රෝගය කුඩා ළමුන් අතර ව්‍යාප්තවීමේ වැඩි ප්‍රවනතාවයක් ඇති වෙලා තිබෙනවා කියලා විදේශ රටවලින් වාර්තා වෙලා තිබෙනවා. කොවිඩ් වසංගතයට ගොදුරුවූ ළමුන් පසුව මෙම රෝග තත්ත්වයට මුහුණ දෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙම රෝගය 1967 වර්ෂයේදී ජපානයෙන් පළමුව වාර්තා වුනේ. එමෙන්ම මේක ස්වයං ප්‍රතිදේහ රෝගයක් කියලයි හඳුනා ගෙන තියෙන්නේ. ඒ නිසා දරුවන් සිටින දෙමාපියන් තමන්ගේ දරුවන් ගැන හොඳ අවබෝධයකින් සිටීම වැදගත්. ඒ නිසා මේ ඉහත කියූ රෝග ලක්ෂණ ඇත්නම් වහාම පිළිගත් රෝහලක ළමා රෝග විශේෂඥයෙක්ට පෙන්වීම වැදගත්.

මෙම රෝගය සමහර ළමුන්ට ඇතිවෙලා දින කිහිපයක් ගත වෙන කොට එය ඔවුන්ගේ හෘද වස්තුවේ ධමනි වලට බලපෑම් එල්ල කිරීමේ හැකියාව තිබෙනවා. ඇතැම් අවස්ථාවල දරුවන් අඩු වයසින් හෘදයාබාධ වලට ගොදුරු වෙලා මියයන්න හේතුවත් මෙම කවසකි රෝගයයි” ළමා රෝග විශේෂඥ දීපාල් පෙරේරා ප්‍රකාශ කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More