නිදහස් කුසලාන විස්‌සයි විස්‌ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගයේ සිදුවූ උණුසුම් වාතාවරණය හේතුවෙන් බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ විවේකාගාරයේ සිදුවූ අලාභ හානි වලට වන්දි ගෙවීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය කැමැත්ත පළ කර තිබේ.
අවසන් ඕවරයේ නිපන්දුවක් ඉල්ලා විනිසුරුවන්ගේ තීරණයට බාධා කරමින් හැසිරුණු බංග්ලාදේශ නායක ෂකීබ් අල් හසන් පිටිය මැද සිටි සිය කණ්‌ඩායමේ පිතිකරුවන්ට ක්‍රීඩාගාරයට පැමිණෙන ලෙස දන්වා සිටියේය. නමුත් විනිසුරුවන් සහ තරග තීරක මැදිහත්වීමෙන් පිතිකරුවන්ගේ පිටවීම වැලකුන අතර යළිත් තරගය ආරම්භ විය.
කෙසේ වෙතත් අවසානයේදී ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානි පමුණුවන ලෙස හැසිරුණු බංග්ලාදේශ නායක ෂකීබ් අල් හසන් ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිය විවේකාගාරයේ වීදුරුවක් කුඩු කළ බවට සාක්‌ෂි හමුවී තිබේ. ඒ අනූව ඔහු අතින් සිදුවූ එම ක්‍රියාව හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සිදුවූ අලාභයට වන්දි ගෙවීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය එකඟත්වය පළ කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා කළ විමසීමකදී පැවසීය.
“බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පිළිගෙන තිබෙනවා ඒ අයගෙ ක්‍රීඩකයන්ගෙ අතින් වරදක් වුණා කියලා. වීදුරුව ෂකීබ් අල් හසන් බිඳ දැමුවා කියලත් ඔවුන් පිළිගෙන තියෙනවා. ඒ අනූව ඒ අය අපිට දැන්වුවා ඒ වීදුරුවේ අලාභය ගෙවීමට කැමැති බව. අපි ඉදිරියේදී ඒ සඳහා යන වියදම බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට දන්වනවා. මම හිතන විදිහට රු.150,000-200,000 අතර මුදලක් එහි ප්‍රතිශංස්‌කරණයට වැය වේවි. නමුත් තවම අපි හරියටම ගණන් බලා නැහැ.” යෑයි ඈෂ්ලි ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් බොහෝ ක්‍රිකට් විචාරකයන් පවසා සිටියේ ෂකීබ් අල් හසන් ඇතුළු විනය විරෝධී හැසිරුණු සියලු දෙනාට දැඩි දඩුවම් පැමිණීමට අයි.සී.සී.ය. කටයුතු කළ යුතු බවයි. නමුත් සිදුවුයේ ඔවුන්ට තරග මුදලින් 25% ක දඩයකට යටත්වීම පමණි. කිසිදු තරගයක් හෝ තහනම් නොවීමද විවේචනයට බඳුන්විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...