කොරෝනා වසංගත තත්වය පාලනය වෙමින් පවතින මේ අවස්ථාවේ මෙවර පොසොන් පුර පසලොස්වක පොහෝ දිනයේදී ද, වෙසක් පොහෝ දින සිදුකළ අයුරින් නිවසේ සිට ආගමික වතාවත් වල යෙදෙන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ඒ අනුව, නිවසේ සිට සිල් සමාදන් වීම ඇතුළු වත් පිළිවෙත් වල නිරත වන්නැයි බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා දන්වා සිටින බවය.
සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පොසොන් වත්පිළිවෙත් සිදුකරන ලෙස මීට පෙර නිවේදනය කර තිබූ අතර, සෞඛ්‍ය අංශවල සහ බුද්ධශාසන අමාත්‍යංශයේ උපදෙස් පරිදි යළි මෙම පියවර ගෙන තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...