දේශීය පුවත්

මෙරට කොවිඩ් නයින්ටීන් වෛරසය මර්දනයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලි චින්තකයෙකු ලෙස සහ දැඩි තීරණ ගන්නෙකු ලෙස කටයුතු කිරීම පිළිබඳ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය සුබ පැතුම් පල කර තිබේ.

අද(23) පෙරවරුවේ ජනාධිපතිවරයා සමඟ පැවති දුරකතන සංවාදයකදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් මෙරටට සිදුවන බලපෑම් අවම කිරීම සදහා  සෑම සහයක්ම ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.

රටේ ආර්ථික කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාව විසින් මෙරට සිදුකරන සංවර්ධන ව්‍යාපෘති වේගවත් කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේය.

මීට අමතරව ඉන්දියාවේ පෞද්ගලික අංශයට මෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව ද එහිදී දෙරටේ නායකයින්ගේ අවධානය යොමුව තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More