දේශීය පුවත්

සති තුනක කාලයක සිට බාහිර සමාජයෙන් කොරෝනා රෝගීන් වාර්තා නොවුණු බැවින් ඉදිරි දින කිහිපය තුළ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක ද බාහිර සමාජයට විවෘත කිරීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

සමාජයෙන් රෝගීන් වාර්තා නොවූවත් කොවිඩ් – 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ලබා දී ඇති සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපැදීමට සමස්ත සමාජය ම වග බලා ගත යුතු බවත් සමාජ දුරස්ථභාවය සහ පෞද්ගලික ස්වස්ථතාව පවත්වා ගැනීම අනිවාර්ය බවත් ඔහු අවධාරණය කළේය.

නාවික හමුදා සාමාජිකයන්ගෙන් සහ පිටරට සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන්ගෙන් හැරුණු විට වෙනත් තැනකින් රෝගීන් වාර්තා නොවන බව ද ඔහු ජාතික පුවත්පතකට අදහස් දක්වමින් සඳහන් කර තිබේ.

වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයන් අතර ද මේ වන විට රෝගය ව්‍යාප්ත වීම ඉතා සාර්ථක ව පාලනය වී ඇතැයි ද වෛරසය ආසාදිත වූ පුද්ගලයන්ගෙන් සියයට 50 කට අධික සංඛ්‍යාවක් පූර්ණ සුවය ලබා මේ වන විට රෝහල්වලින් පිටව ගොස් ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More