ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තමා සතු වගකීම උපරිමයෙන් ඉටු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ඒ සඳහා, හැකියාව සහිත නිලධාරීන් පත්කර ඇති බවත්, බුද්ධි අංශ ශක්තිමත් කර පූර්ණ බලතල ලබාදී ඇති බවත් ජනාධිපතිවරයා කියා සිටියේ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී බෞද්ධ උකපදේශක සභාව රැස්වූ අවස්ථාවේදීයි.
සියළු අන්තවාදී සහ ත්‍රස්තවාදී කණ්ඩායම් විමර්ශනය කිරීමට ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේ යැයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.
මෙහිදී මහා සංඝරත්නය ප්‍රකාශ කළේ කොරෝනා වසංගතයෙන් ජනතාව රැක ගනිමින් ජනාධිපතිවරයා කරන මෙහෙවර ප්‍රශංසනීය බවයි.
මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි, මල්වතු පාර්ශවයේ ලේඛනාධිකාරී ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියේය.
මේ අතර, නැගෙනහිර පළාතේ පුරාවස්තු විධිමත්ව සමීක්ෂණය කර ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් පත් කරන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටයේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...