මැතිවරණ කොමිසමේ සාමාජික ආචාර්ය රත්නජීවන් හූල් මහතා සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. යාපනය සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට අයත් වාහනයකින් ඇඳිරිනීති බලපත්‍ර නොමැතිව තමන්ගේ පවුලේ සාමාජිකයකු ප්‍රවාහනය ඇතුව කාරණා ගණනාවක් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය ක්‍රියාත්මක කෙරෙන බව වාර්තා වෙයි.
යාපනය පොලීසිය විසින් මෙහි මූලික පරීක්ෂණ කටයුතු මෙහෙයවනු ලබන බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.
එසේම හූල් මහතාගේ දියණිය නියමිත නිරෝධායන නීති හා ක්‍රියා පටිපාටිය උල්ලංඝනය කරමින් මැතිවරණ කොමිසමේ කාර්යාලය වෙත කැඳවාගෙන ඒම ගැනද මැතිවරණ කොමිසමේ නිලධාරීන් ඔහුට විරෝධය පලකර තිබිණි. ඒ සම්බන්ධයෙන්ද සමාජ ජාලාවල දැඩි විවේචන පලවිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...