විදේශ පුවත්

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව පනස් දෙලක්ෂ අනූ අටදහස ඉක්මවා ගොස් තිබේ.

මේ වන විට වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ තිස් නවදහස් හාරසිය දහඅටක්.

මේ අතර කොවිඩ්-19 වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක් අත්හදා බලා ඇති බව චීන පර්යේෂකයින් පිරිසක් පවසයි.

කොවිඩ් වසංගතයෙන් අමෙරිකාවේ සිදුව ඇති මරණ ගණන මේ වන විට 97,000 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ එරටින් වාර්තා වූ මරණ ගණන 1,286 ක්.

ගතවූ පැය 24 තුළදී හමුවූ ආසාදිතයින් 24,197 ත් සමඟින් සමස්ත ආසාදිතයින් ගණන 1,645,000 ඉක්මවා ගියේය.

කොවිඩ් වෛරසයෙන් වැළකීමට තමන් මැලේරියා රෝගය මැඬලීම සඳහා වන හයිඩ්‍රොක්සි ක්ලෝරොකුවින් ඖෂධය ලබාගන්නා බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් අදාළ ඖෂධය ලබාගැනීමෙන් වෛරසය ආසාදිත පුද්ගලයින් මිය යාමේ අවදානම බෙහෙවින් වැඩි බව  ‘ලැන්සෙට් පබ්ලික් හෙල්ත්’ (Lancet Public Health) සඟරාවේ පළ කළ අධ්‍යයනයක සඳහන් වෙයි.

කොවිඩ් 19 වෛරසය මැඩලීමට චීනය නිපදවූ එන්නතක් සාර්ථක වී ඇති බව වාර්තා වෙයි.

එන්නත මේ වනවිට පළමුවරට මිනිසුන් හරහා අත්හදා බැලීම් සිදුකර ඇති අතර  එය ඉතා ආරක්ෂාකාරී මෙන්ම වෛරසයට එරෙහිව ශක්තිමත් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් දක්වා ඇති බව චීන පර්යේෂයකින් ලැන්සෙට් වෛද්‍ය සඟරාව වෙත පවසා තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More