දේශීය පුවත්

පසුගිය යහපාලන රජය පත්වීමට පෙර රු. 300-350 අතර පැවති ෂීට් රබර් කි.ග්‍රෑම් 1 මිල මේ වන විට රු. 200-250 දක්වා පහත වැටී ඇත. ඊට හේතුව ෂීට් රබර් ආනයනය 150% කින් ඉහළ යාම නිසා දේශීය රබර් වලට ඉල්ලුම අඩු වීමය.

මේ වන විට රටේ රබර් අවශ්‍යතාවයෙන් 75% ආනයනය කරන තත්වයක් උදාවී ඇති අතර එය 90% ඉහළ යනු ඇති බවට ක්ෂේත්‍රයේ විද්වත්හු පවසති.

කෙසේ වෙතත් වර්තමාන රජයේ ජනාධිපති ලේකම්වරයා විසින් 21/5/2020 දින රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට යවන ලද චක්‍ර ලේඛයේ 10 වැනි වගන්තිය අනුව සෙස් බදු රහිතව රබර් ආනයනයට ඉඩ ලැබෙනු ඇත.

එසේ වුවත් ආනයනික සමාගම්වල රබර් අවශ්‍යතාවයෙන් 50% ක් දේශීයව මිලදී ගත යුතු බවට සහ එම මිල විදේශීය මිලට වඩා 25% කින් වැඩි විය යුතු බවට නියමයක් පනවා ඇත. මෙම නියමය BOI ආයතනයේ අනුකම්පාවට යටත්වන බැවින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම සැක සහිත බව කියවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More