කොරෝනා රෝගීන් බාහිර සමාජයෙන් හමු නොවන තත්ත්වයට රට මේ වන විට පත්කර ගැනීමට හැකිව ඇතැයි ‘කෝවිඞ් – 19’ පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික ක‍්‍රියා ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප‍්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ ( 22 වැනිදා ) පැවසීය.
ඒ සඳහා ඉහළ දේශපාලන අධිකාරියේ සිට රටේ සෑම සියලූ දෙනාගේම සහාය ලැබී ඇතැයි ද හෙතෙම කීවේය. එසේම නාවික හමුදා සෙබළුන් මගින් රෝගය පැතිර යාමද පාලනය කිරීමට හැකිව ඇති බවත් හෙතෙම කියා සිටියේය.
කොරෝනා වෛරසය පැතිරීම ඉතා හොඳින් පාලනය කර ඇතත් ජනතාව තවදුරටත් වගකීමෙන් කටයුතු කළ යුතුව ඇතැයි ද ඒ සඳහා ජනතාවගේ කැපවීම අත්‍යවශ්‍ය යැයි ද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් ‘දිවයිනට’ මහතා පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...