දේශීය පුවත්

සම්බුද්ධ ශාසනයේ පරිහානියට මෙන්ම භික්ෂු ගෞරවයට හානි කර කටයුතු කරන භික්ෂු වේශධාරීන් නිකායෙන් නෙරපන බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී අත්තන්ගනේ සාසන රතන නාහිමියෝ සඳහන් කරති.

එවන් පුද්ගලයන් හෝ කණ්ඩායම් සිටී නම් නිකායේ අදාළ අංශ දැනුවත් කරන ලෙස රාමඤ්ඤ මහා නිකායේ විශේෂාධිකාරී මණ්ඩල, පළාත් සංඝනායක, කාරක-පාලක සංඝ සභික, ප්‍රාදේශීය සංඝ සභා ලේඛකාධිකාරී සහ සාමාජික ස්වාමින් වහන්සේගෙන් උන්වහන්සේ ඉල්ලීමක්ද කරමින් මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

දැනටමත් ඔබ වහන්සේ ද දන්නා පරිදි වර්තමානයෙහි සම්බුද්ධ ශාසන පරිහානියට මෙන්ම භික්ෂු ගෞරවයට හානි වන අන්දමේ කටයුතු රාශියක් ක්‍රියාත්මක වෙමින් පවතී.

භික්ෂුන් වහන්සේ ලෙස පෙනී සිටිමින් භික්ෂුවට නොගැළපෙන විනය විරෝධී කටයුතු සිදු කරන මහජනයාගේ ශ්‍රද්ධාව, ගෞරවය නැති වන ආකාරයේ ක්‍රියාකාරකම් සිදු කරන පුද්ගලයන් හා කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාලා තුළ සහ විද්‍යුත් හා මුද්‍රිත ආදී විවිධ මාධ්‍යයන් මගින් දැක ගැනීම සුලභ වෙමින් පවතී. ලාභාපේක්ෂාවම අරමුණු කරගෙන හෝ දුර්වල මානසික ස්වභාවයන් නිසා එම පුද්ගලයන් හා කණ්ඩායම් සම්බුද්ධ ශාසනයට ද භික්ෂු ගෞරවයටද සිදු කරන හානිය සුළුපටු නොවේ.

මේ දුර්විනීත. අධර්මවාදී, අවිනයවදී භික්ෂු වේශධාරීන් වෙනුවෙන් මේ අවස්ථාවේ දී අපිට කළ හැකි වන්නේ අප නිකාය තුළ එබඳු අය ලියාපදිංචි වී ඇත්නම් නිකාය කතිකානුකූලව අවශ්‍ය පියවර ගෙන ඔවුන්ගේ සාමණේර, උපසම්පදා ලියාපදිංචියක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ඇත්නම් එය අවලංගු කොට නිකායෙන් නෙරපා හැරීමය.

ශාසන පරිහානියෙහි උපයුක්ත එබඳු භික්ෂු වේශධාරීන් නිකායෙන් නෙරපා හැරීම පිළිබඳ පූර්වාදර්ශයන් ද නිකායේ ඈත සහ මෑත ඉතිහාසයෙහි තිබේ. ශාසන සංශෝධනයක ඉක්මන් අවශ්‍යතාවය පැන නැගී ඇති මේ මොහොතෙහි ඔබ වහන්සේගේ සංඝ සභා බල ප්‍රදේශය තුළ එබඳු පුද්ගලයන් හෝ කණ්ඩායම් සිටී නම් ඒ පිළිබඳව විස්තර සහිතව නිකායේ අදාළ අංශ දැනුවත් කරන ලෙසද, එබඳු ශාසන විලෝපනයෙහි යෙදෙන්නන් අප නිකාය නමින් ලියාපදිංචි වී ඇත් නම් ඒ සියල්ලන් නිකායෙන් නෙරපීමාදී කතිකානුකූල පියවර ගැනීමට නිකාය මගින් කටයුතු යොදනු ඇති බවද මෙයින් ශාසනාලය පෙරටුව දන්වා සිටිමි.’’



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More