දේශීය පුවත්

රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ මැතිවරණ ක්‍රියාදාමය ආරම්භ කළ හැකි බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් තම සේවාදායක ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී තිබෙන බව ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කරුණ දක්වමින් කියා සිටියේය.

ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද(22) පස් වන වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ජනාධිපති නීතීඥවරයා මේ බව කීය

අගවිනිසුරු ජයන්ත ජයසූරිය,බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලෙමින් පවතී.

එසේ තිබියදී මැතිවරණ කොමිසම එම මැතිවරණ ක්‍රියා පටිපාටිය ආරම්භ කිරිම ප්‍රමාද කර සිටින්නේ ඇයිද යන්න ගැටළු සහගත කරුණක් යැයිද ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුරටත් අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.

අදාළ පෙත්සම් වල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අද (22) වැඩිදුරටත් කරුණු දැක්වීම මේ බව කීය.

හෙතෙම වැඩිදුරටත් අධිකරණයේ කියා සිටියේ කොවිඩ් වසංගතය හේතුවෙන් ආදායම් අහිමි වූ ජනතාවට රුපියල් 5000ක දීමනාවක් ප්‍රදානය කිරීමේ රජයේ වැඩපිළිවෙළ ගැන මැතිවරණ කොමිසම විසින් නිවේදනයක් නිකුත් කර ඇති බවත්, එම නිවේදනයෙන් රුපියල් 5000 දීමනාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියේදී දේශපාලනය ඉවත් විය යුතු බවට එම කොමිසම කියා ඇති බවය.

රජය රුපියල් පන්දහසේ දීමනාව ප්‍රදානය කරනු ලබන්නේ දේශපාලන අවශ්‍යතාවක් නිසා නොවන බවත් කෝවිඩ් වසංගතය හේතුවෙන් ආදායම් අහිමි වූ ජනතාවට මේ ආකාරයෙන් සහන ප්‍රදානය කිරීම ලංකාවේ පමණක් නොව ලොව පුරා සිදු වෙමින් පවතින බවද ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කීය .



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More