ව්‍යාපාරික පුවත්

බැදුම්කර මගඩිය සහ අර්ජුන මහේන්ද්‍රන් මහතා පිළිබද කතාබහ පසුගිය දිනවල යටපත්ව ගොස්‌ තිබුණි. එයට හේතුව රජය විසින් පසුගිය දිනවල සමාජ ජාල මාධ්‍ය අවහිර කිරීම නිසා සමාජ කතිකාව ඒ දෙසට යොමු වීමයි. අනපේක්‌ෂිත අයුරින්a සිදු කළ එම සමාජ ජාල අවහිර කිරීම නිසා ජනමාධ්‍ය පමණක්‌ නොව සමාජයේ බොහෝ දෙනෙක්‌ කතා කරන්නට ගත්තේ ඒ ගැනය. සමාජ ජාල භාවිතයට බොහෝ දෙනෙක්‌ යොමුව සිටින නිසා ආණ්‌ඩුවේ එම තීරණයත් සමඟ බොහෝ දෙනෙක්‌ අසතුටට පත් විය. මේ නිසා බොහෝ දෙනෙක්‌ගේ එදිනෙදා ජීවිතයට මෙන්ම ව්‍යාපාරික කටයුතුවලටද බලපෑම් එල්ල විය. සමාජ ජාල අවභාවිත කරන්නන් සම්බන්ධයෙන් වෙනම පියවර ගන්නවා වෙනුවට මුළු මහත් සමාජයටම සමාජ ජාල භාවිතය අවහිර කිරීම මෙයට හේතුවයි. මේ නිසා සමාජ කතිකාව බලවත් ලෙස යොමු වූයේ ඒ දෙසටය. අනිත් අතට මෙය ආණ්‌ඩුවේ ගැටලු යටපත් කර ගැනීමට ද ආණ්‌ඩුවට හොද අවස්‌ථාවක්‌ උදාකරදී තිබුණි. විශේෂයෙන්ම බැඳුම්කර මගඩිය පිළිබද කතාබහ මෙන්ම අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ද තාවකාලිකව හෝ යටපත් කර ගැනීමට ආණ්‌ඩුව සමත් විය. එහෙත් එම විශ්වාසභංග යෝජනාව දැන් යළි ගෙන ඒමට ඒකාබද්ධ විපක්‌ෂය සැළසුම් කර තිබේ. එසේම බැඳුම්කර මගඩියට සම්බන්ධ නඩුව අධිකරණය හමුවේ විභාග වෙමින් තිබෙන නිසා බැඳුම්කර ප්‍රශ්නය ද කෙතරම් යටපත් කළත් එය වරින්වර යළි මතු වීම වැළක්‌විය නොහැකිය. මේ අනුවම ඉකුත් මාර්තු 15 වැනිදා කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී මේ නඩුව යළි විභාගයට ගැනීමත් එහිදී ලද සුවිශේෂ නියෝගයත්a නිසා බැදුම්කර ප්‍රශ්නය යළි සමාජ අවධානයට ලක්‌ව තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය පසුගිය 15 දා නඩු විභාගයේදී වරෙන්තු නිකුත් කිරීම එම නියෝගයයි. අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව එක්‌ව කළ ඉල්ලීමක්‌ සළකා බැලූ මහෙස්‌ත්‍රාත්වරිය මේ නියෝගය ලබා දී තිබු බව මාධ්‍ය වාර්තා කර තිබුණි. එම නඩුවේ පළමු වැනි සැකකරු ලෙස නම්කොට ඇති අර්ජුන මහේන්ද්‍රන් මහතා අධිකරණය විසින් නිකුත් කළ නොතිSසි නියෝගවලට අවනත නොවී අධිකරණය මඟහැර සිටින බවට නිගමනය කරමින් මහෙස්‌ත්‍රාත්වරිය එම නියෝගය කළ බව ද පුවත්පත් වාර්තාවල සඳහන් විය. මාධ්‍ය වාර්තා කර තිබු පරිදි පසුගිය මාර්තු 15 දා මහෙස්‌ත්‍රාත්වරිය මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් විශේෂ සදහනක්‌ ද කර තිබේ. එනම් පසුගිය මාර්තු 08 වැනිදා හෝ ඊට පෙර අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස නිකුත් කළ නොතීසි හා දැනුම්දීම් සම්බන්ධයෙන් අවබෝධයක්‌ ඇතිව හා තමාට එරෙහිව අපරාධ නඩුවක්‌ ගොනු කිරීමේ හැකියාව පවතින බව දැනුවත්වම සැකකරු එලෙස අධිකරණය මඟහැර සිටින බව තම අධිකරණයට පෙනී යන බවයි . නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රිsයා ජයසුන්දර මහත්මියගේ මෙහෙයවීමෙන් එදින අධිකරණය හමුවේ සාක්‌ෂි ලබා දී තිබූ, ඒ පිළිබඳව විමර්ශන සිදු කරන විමර්ශන ඒකකයේ ස්‌aථානාධිපතිනි පොලිස්‌ පරික්‌ෂිකා සංජීවනී කැප්පිටියේ මහත්මිය අධිකරණයට පෙන්වා දී තිබුණේ හිටපු මහ බැංකු අධිපතිවරයා මහ බැංකු රහස්‍ය දත්ත දෙවැනි සැකකාර අර්ජුන් ඇලෝසියස්‌ ට ලබාදීම නිසා රජයට රුපියල් මිලියන 688 ක අලාභයක්‌ සිදුවී ඇති බව මේ දක්‌වා සිදු කළ පරීක්‌ෂණ අනුව අනාවරණය වී ඇති බවයි.

p4 3මේ නඩුවේ දෙවැනි සැකකාර අර්ජුන් ඇලෝසියස්‌ මහතා හා පර්පෙචුවල් ට්‍රෂෙරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන දෙදෙනා ලබන 29 දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමට ද මහෙස්‌ත්‍රාත්වරිය එදින නියෝග කර ඇත. ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර වෙන්දේසි පැවති සමයේ දී හා ඊට පසුව පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන, අර්ජුන් ඇලෝසියස්‌ සහ එම සමාගම සමඟ දුරකථන ඔස්‌සේ සබඳතා පැවැත්වූ පිරිසකගේ සවිස්‌තර දුරකථන වාර්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට ද මහෙස්‌ත්‍රාත්වරිය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට හා තවත් දුරකථන සමාගම් පහකට නියෝගයක්‌ නිකුත් කිරීම ද තවත් සුවිශේෂී සිද්ධියකි . එම නඩුව එදින කැඳවූ අවස්‌ථාවේදී නාමලේඛනයක්‌ අධිකරණයට ඉදිරිපත් කළ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා එකී නාමලේඛනයේ සඳහන් පිරිස දෙවැනි හා සිව්වැනි සැකකරුවන් සමඟ සෘජුව සබඳතා පැවැත්වූ බවට ජනාධිපති බැඳුම්කර කොමිෂන් සභාව හමුවේදී අනාවරණය වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට එම දුරකථන වාර්තා අවශ්‍ය බව පෙන්වා දී තිබේ. අර්ජුන් ඇලෝසියස්‌a හා කසුන් පලිසේන යන දෙදෙනා මහ බැංකු බැඳුම්කර වංචාවෙන් උපයාගත් මුදල් යොදවා දේපළ මිලදී ගෙන ඇති බව අනාවරණය වන බව ද, ඔවුන් සතු සියලු වත්කම්වල සවිස්‌තර වාර්තාවක්‌ ලබාදෙන ලෙසට ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිට තිබේ. . එලෙස බැඳුම්කර වංචාවෙන් උපයාගත් මුදල් යොදවා මිලදී ගත් දේපළ ඇත්නම් ඒවා තහනමට ලක්‌කර රාජසන්තක කිරීමේ අරමුණින් තමන් එම ඉල්ලීම කරන නමුත්, ඔවුන් වෙනත් උපයා ගැනීම්වලින් මිලදී ගත් අන් කිසිදු දේපළක්‌ සම්බන්ධයෙන් අහිතකර නියෝගයක්‌ ඉල්ලා සිටීමට තමන් පියවර නොගන්නා බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කෝදාගොඩ මහතා එහිදී පවසනු ලැබිණි. එහෙත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක මහතා එම ඉල්ලීමට දැඩි විරුද්ධත්වය දක්‌වමින් කරුණු දක්‌වා තිබේ. ඒ අනුව නීතිඥ ජීවන්ත ජයතිලක මහතා සිය සේවාදායකයන් රජයේ සේවකයන් නොවන නිසා එවැනි නියෝගයක්‌ ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට නීත්‍යානුකූල බැඳීමක්‌ නොමැති බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ. අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටි තවත් කරුණක්‌ නම් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට අයත් සියලුම වත්කම් හා බැරකම් පිළිබඳ සවිස්‌තර වාර්තාවක්‌ ලබාදීමට නියෝගයක්‌ නිකුත් කරන ලෙසයි. මේ ඉල්ලීම් දෙක පිළිබඳව නීතිමය තත්ත්වයන් සලකා බලා ඉදිරි දිනයේදී සුදුසු නියෝගයක්‌ නිකුත් කරන බව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පෙන්වා දුන් බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

අර්ජුන මහේන්ද්‍රන් මහතා පසුගිය 26 වැනිදා සිංගප්පූරුවේ සිට අර්ජුන් ඇලෝසියස්‌ මහතාගේ ලේකම්වරිය වන සුරනි මැණික්‌ නියංගොඩ නමැත්තියට දුරකථන ඇමතුමක්‌ ලබාදී සුවදුක්‌ විමසා ඇති බව ද එදින අධිකරණයේදී හෙළි වූ තවත් කරුණකි. අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව මහෙස්‌ත්‍රාත්වරිය දුන් නියෝගය කවුරුත් අගය කරන්නකි. දැන් අර්ජුන මහේන්ද්‍රන්ව සොයා ගැනීමට දඟලන අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට ගිය වසරේ (2017) බැඳුම්කර කොමිසමේදී මාස ගණනාවක්‌ තිස්‌සේම අර්ජුන මහේන්ද්‍රන්ව දිගටම මුණගැසුණු බව අපි කව්රුත් දනිමු. ඇතැම් අවස්‌ථාවල දිනපතාම පාහේ ඔහුව හමු වූයේය. ජනාධිපති බැඳුම්කර මගඩි කොමිසමේදී අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් බොහෝ තීරණාත්මක සාක්‌ෂි රැසක්‌ හෙළිදරව් විය. ඒවා රටටම ප්‍රසිද්ධ විය. නිසි මුදල් මණ්‌ඩල අනුමැතියකින් තොරව පැවැති භාණ්‌ඩාගාර බැඳුම්කර සෘජු නිකුතු ක්‍රමය නවත්වා වෙන්දේසි ක්‍රමයෙන් පමණක්‌ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට තීරණය ගත්තේ අර්ජුන මහේන්ද්‍රන් මහතා බව මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බොහෝ දෙනෙක්‌ බැඳුම්කර මගඩි ජනාධිපති කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් ප්‍රකාශ කළ කරුණකි. මුල් බැඳුම්කර මගඩියේදී 2015.02.27 දින මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවටම පැමිණ බිලියන දහයකට අධික ලංසු පිළිගන්නා ලෙස උපදෙස්‌ දුන්නේ මහේන්ද්‍රන් මහතා බව එවකට රාජ්‍ය ණය අධිකාරි දීපා සෙනෙවිරත්න මහත්මිය ද කොමිසමට කී බව අපට මතකය. එසේම කොමිසමේ සාක්‍ෂිවලට අනුව එදිනම පැවැති ටෙන්ඩර් කමිටුවට ද රු. බිලියන 10 කට අධික බැඳුම්කර ලංසු පිළිගන්නා ලෙස දුරකථනයෙන් උපදෙස්‌ දී ඇත්තේ ද මහේන්ද්‍රන් මහතාය.

මේවාට අදාළව මෙන්ම මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් තවත් සාක්‌ෂි රැසක්‌ බැඳුම්කර මගඩි ජනාධිපති කොමිසමේදී හෙළිදරව් විය. ඊට අමතරව එම කොමිසමට සම්බන්ධ රහස්‌ පොලිස්‌ නිලධාරීන් විසින් කොමිෂන් සභා පරිශ්‍රයේදීම අර්ජුන මහේන්ද්‍රන් මහතාගෙන් අඛණ්‌ඩව දින ගණනාවක්‌ තිස්‌සේම ප්‍රකාශ සටහන් කර ගත් බව ද රටම දනී. එම ප්‍රකාශවලදීත් මහේන්ද්‍රන් මහතා බොහෝ තොරතුරු හෙළි කරන්නට ඇතත් ඒවා මාධ්‍යවත්, රටවත් දන්නේ නැත. ඒ බව දන්නේ එම කොමිසමට අනුයුක්‌තව සිටි රහස්‌ පොලිස්‌ නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ බැඳුම්කර කොමිසමේ සභාපති සහ සෙසු සාමාජික කොමසාරිස්‌වරුය. මේ කොමිසමේ සේවයේ නියුතු ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක්‌ම සිටියහ. කොමිසමට දඬුවම් දීමට නොහැකි බව අපි දනිමු. එහෙත් මේ කොමිසමට ඉදිරිපත් වූ සාක්‌ෂි අනුව අඩුම තරමේ ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය හෝ උසාවිය භාරයට පත් කිරීමට ඉල්ලීමක්‌ කිරීමට හැකියාවක්‌ නොතිබුණේද? එසේම මේ සාක්‍ෂිවලින් හෙළිදරව් වූ කරුණු උසාවියට ඉදිරිපත් කර අර්ජුන මහේන්ද්‍රන් මහතාට විදේශ ගමන් තහනමක්‌ ලබා ගැනීමට ඒ අවස්‌ථාවේ ක්‍රියා කළ හැකිව නොතිබුණේද? එදා එසේ කළා නම් අද අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට මහේන්ද්‍රන් මහතාව සොයා ගැනීමට, ඔහුට සිතාසි භාරදීමට ඔය තරම් වෙහෙස වීමට, අවශ්‍ය වන්නේද? සාමාන්‍ය ජන සමාජය තුළ මේ ප්‍රශ්න තිබේ. මෙලෙස මුලින් නිසි පියවර නොගත් නිසා මහේන්ද්‍රන් මහතා සොයා ගැනීමට දැන් ගන්නා බලවත් උත්සාහය ජනතාවට පෙන්නේ නම් කිසියම් නාටකයක්‌ ලෙසටය.

අපට නම් පෙනෙන්නේ අශ්වයාට පැන යැමට ඉඩ දී ඉස්‌තාලය වසාගෙන දඟලන බවකි. මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන අංශවල නිලධාරීන් දැන් රටට පෙන්වමින් සිටින්නේ එවැන්නක්‌ නොවේද ? මින් පෙනෙන්නේ ලංකා ඉතිහාසයේ විශාලතම මහජන මුදල් කොල්ලයේ චූදිතයකු සම්බන්ධයෙන්වත් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට අසමත්ව ඇති බවක්‌ නොවේද? මේ බැඳුම්කර මගඩිය ආරම්භයේ සිටම දක්‌නට ලැබුණේ මේ රජයට සම්බන්ධ ඇතැමුන් මේ මගඩියේ වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට වඩා ඔවුන් ආරක්‌ෂා කිරීමට හැකි උපරිමයෙන් ක්‍රියා කරන බවකි. එසේ ඔවුන්ව ආරක්‌ෂා කිරීමට කටයුතු කළ සියල්ලන් අර්ජුන මහේන්ද්‍රන්ගේ වර්තමාන අතුරුදන් වීමට ද කිසියම් ආකාරයකට වගකිවයුතු වේ. එය මේ මගඩිවලින් බලවත් අගතියට පත්ව සිටින මහජනයා වෙනුවෙන් අපට කීමට සිදුවන දෙයකි .

අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇත්ත වශයෙන්ම අතුරුදන් වී සිටින්නේද? එසේත් නැතහොත් ඔහුව මෙතෙක්‌ කල් ආරක්‌ෂා කළ අය විසින් ඔහුව ඕනෑකමින්ම අතුරුදන් කර තිබෙන්නේද ? මෙරට සිටින ඔහුගේ ගජ මිතුරන් ඔහු සිටින තැන නොදන්නේද? පසුගිය කාලය පුරා සිදුවූ දේවල් අනුව මේ ප්‍රශ්නය කාටත් මතු වන්නකි . ඔහුට රටින් පිටවීමට ඉඩ නොලැබෙන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීමට සෘජුව සහ වක්‍රව වගකිව යුත්තේ කවුද? අපට නම් හැඟෙන්නේ ඒ සියලු දෙනා අර්ජුන මහේන්ද්‍රන්ගේ වර්තමාන අතුරුදන් වීමට එසේත් නැත්නම් අධිකරණ ක්‍රියාවලියට ඔහු ඉදිරිපත් නොවී සිටීමට වගකිSමක්‌ ඇති බවයි. අප කියන දේ වැරදි නම් ඕනෑම අයෙකුට ඒ ගැන මේ රටේ මහජනයාට කරුණු පැහැදිලි කළ හැකිය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවශ්‍යතාව මත ජනාධිපති මෛත්‍රිපාල සිsරිසේන මහතා විසින් රටේ මහ බැංකුවේ අධිපති ධුරයට පත් කළේ මෙලෙස රටේ අධිකරණය මග හරින අයෙක්‌ද? රටේ පුරවැසියකුවත් නොවන, රටේ නීතිමය ක්‍රියාවලියටවත් ඉදිරිපත් නොවී සිටින පුද්ගලයෙක්‌ද? ඉදිරි දිනවලදී හෝ ඔහු මෙරටට පැමිණ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට ගොස්‌ ප්‍රකාශයක්‌ ලබාදීමට (අධිකරණ නියෝගය ප්‍රකාරව) ඉදිරිපත් වනු ඇතිද යන්න අපි බලා සිටිමු. රජය සහ නීතිය ක්‍රියාත්මක කරන අංශ විසින් මේ සම්බන්ධයෙන් කවර නාටක රඟදැක්‌වූද මේ සම්බන්ධයෙන් වන මහජන අධිකරණයේ විනිශ්චය ප්‍රකාරව අදාළ වගකිවයුත්තන්ට විශේෂයෙන් මේ මගඩියේ දේශපාලන මහමොළකරුවන්ට එරෙහිව ඉදිරියේදී තීන්දු තීරණ ලැබෙනු ඇති බවට නම් අපට කිසිම සැකයක්‌ නැත.

අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන්න බෑ – ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා

‘පත්කරනකොට හොදයි, මිසිං වෙද්දි ඔක්‌කොම ඉවරයි. සිංගප්පුරුව සහ මෙක්‌ෂිකෝවට අන්තර්ජාතික පොලිසිය සමඟ ගිවිසුම් නොමැති නිසා මෙම රටවලට අන්තර්ජාතික පොලිසියට යාමට නොහැකියි. ඇමතිවරු “ඔන්න අර්ජුන් ඇල්ලුවා, මෙන්න ගෙනාව”යෑයි පවසන්නේ නීතිය නොදැනයි .

මා අභියෝග කරනවා. ඔහුව අල්ලන්න බෑ. මේවට කිසිවක්‌ වෙන්නේ නෑ. මේ ආර්ථික ගැටලුවට මුහුණ දෙන්න වෙන්නෙත් අහිංසක ජනතාවට. මම නීත්‍යානුකුලව කියන්නේ අර්ජුන මහේන්ද්‍රන්ව ගේන්න බෑ. සිංගප්පුරුව කියයි උඹලගේ රටේ වරදකරා නම් ඒ කාලේ අල්ලගන්න තිබුණනේ කියල. ඇයි එහෙනම් අර්ජුන් මහේන්ද්‍රන්ට රට යන්න දුන්නේ.

ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා මේ බව පැවසුවේ පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ඉකුත් මාර්_තු 19 දින පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකදී ය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More