දේශීය පුවත්

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලේ මැදමළුවේ දී පැවැත් වීමට නියමතව තිබේ.

ඒ අනුව කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ පාලනයේ පවතින හෙයින් දුරස්ථභාවය රැකෙන ලෙස මෙවර පොසොන් පොහොය දින සීල පැවැත් වීමට ද තීරණය කර තිබේ.

පොසොන් උත්සවය පැවැත් වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(21) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී මෙම තීරණයන්ට එළඹී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

“ආරෝග්‍යා පරමා ලාභා“ යන තේමාවෙන් මෙවර රාජ්‍ය පොසොන් උත්සවය සැමරීමට සුදුසු බවද මෙහිදී අගමැතිවරයා විසින් යෝජනා කර තිබේ.

ඒ අනුව මිහින්තලා පුදබිමේ පැවැත් වෙන රාජ්‍ය පොසොන් උත්සවය අටමස්ථාන ආශ්‍රිතව සහ සිතුල්පව්ව, මුල්කිරිගල, තිස්සමහාරාම යන විහාරස්ථානවල පැවැත් වෙන පොසොන් පින්කම් ඇතුළු රට පුරා පැවැත් වෙන පොසොන් පිංකම් මාධ්‍ය දායකත්වය මත අඩු පිරිසකගේ දායකත්වයෙන් පැවැත් වීමට කටයුතු යොදා තිබේ.

වයස්ගත පිරිස් හා යම් යම් රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයින් සීල ව්‍යාපාර සඳහා සහභාගී කර ගැනීමෙන් වළකින ලෙසත් මෙහිදී සෞඛ්‍ය අංශ අවධාරණය කර තිබේ.

ඒ අනුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් ලබා ගනිමින්, පන්සල් අවට සීමිත පිරිසකගේ සභාගීත්වයෙන් සීල ව්‍යාපාර පැවැත්වීමට හැකි වෙනු ඇත.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පළාත් හා දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමට ද තීරණය වී තිබේ.

පෙරහැර පින්කම් අත්‍යාවශ්‍ය අංශ පමණක් සහභාගී කර ගනිමින් විහාරස්ථාන භූමියට පමණක් සීමා කිරීම කෙරෙහි ද සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබේ.

මෙහිදී අගමැතිවරයා පවසා ඇත්තේ, අවදානම් තත්ත්වය හේතුවෙන් මේ අවස්ථාවේ කිසියම් පාලනයක් අවශ්‍ය බවයි.

ජනතාව එක්රැස් නොකර පොසොන් පෙරහැර සිදු කිරීමට ද අගැමැතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More