විදේශ පුවත්

ලොව ප්‍රථම වරට රුසියානු විද්‍යාඥයන් පිරිසක් විසින් කොරෝනා වෛරසය සඳහා සාර්ථක ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවා ඇත. මෙම එන්නත කොටස් දෙකකින් සමන්විත වේ. එහිදී එන්නතෙහි පළමු මාත්‍රාව ලබා දී දින විසිඑකක් තුළ දෙවන මාත්‍රාව ලබා දිය යුතුය. මෙලෙස මාත්‍රා දෙකම නිසි අයුරින් ලබාගැනීමෙන් කොරෝනා වෛරසයට එරෙහිව සම්පූර්ණ ප්‍රතිශක්තිය ලබාගත හැකි බව එම විද්‍යාඥයන් සඳහන් කරයි.

එන්නතක් නිපදවීමට සාමාන්‍ය වශයෙන් වසර පහක් පමණ ගත වේ. නමුත් රුසියානු විද්‍යාඥයන් ගණනාවකින් සමන්විත  කණ්ඩායමක් වන මොවුන් කරන ලද විශාල කැපකිරීමක ප්‍රතිඵලයක් ලෙස COVID19 එරෙහි මෙම එන්නත මාස දෙක හමාරක් වැනි කෙටි කාලයක් තුළදී නිපදවීමට හැකි වී තිබේ. ඔවුන් මීට වසර එකහමාරකට පෙර හර්පිස් වෛරසයට එරෙහිවද එන්නතක් නිපදවා ඇති අතර එම අධ්‍යනයන් ද COVID19 වෛරසයට එරෙහි මෙම එන්නත නිෂ්පාදනයේදී වැදගත් වී ඇත.

මෙම එන්නත නිපදවීමට දායක වූ විද්‍යාඥයන් සියලු දෙනාම තමන් විසින්ම එන්නත ලබාගෙන එය පරික්ෂා කර ඇති අතර, ඔවුන් කිසිවකුට කිසිදු අතුරු ආබාධයක් වාර්තා නොවූ බවට වසංගත හා ක්ෂුද්‍ර ජීවවිද්‍යා පිළිබඳ ජාතික පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක Alexander Ginsburg පවසයි. තවද ජාන තාක්ෂණයෙන් මිනිස් ජාන වලට සමාන ජාන සහිතව නිර්මාණය කරන ලද මීයන් යොදාගෙන සිදු කරන ලද පරීක්ෂණ කටයුතු වලදීද මෙම එන්නත 100% සාර්ථක ප්‍රතිඵල අත්කර දී ඇති බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මෙම එන්නත එක් වරක් ලබා ගැනීමෙන් පසු ජීවිත කාලය පුරාවටම COVID19 එරෙහි ප්‍රතිශක්තිය ලැබෙන බවට විද්‍යාඥයන් විශ්වාස කරන අතර ඔවුන් ඒ පිළිබඳව තවදුරටත් පර්යේෂණ පවත්වයි. මීට අමතරව COVID19 වෛරසයට එරෙහිව එන්නතක් නිපදවීම සඳහා රුසියාව පුරා මධ්‍යස්ථාන 7ක මේ අයුරින් විවිධ පර්යේෂණ කටයුතු තවදුරටත් සිදු කරගෙන යමින් පවතී. මෙම එන්නත ජූලි මස සිට සායනික පරීක්ෂණ සඳහා ලබාදෙන බවත්, එළැඹෙන සරත් ඍතුව(ඔක්තෝම්බර්) වනවිට  එළිදැක්වීමටත් එම විද්‍යාඥයන් අපේක්ෂා කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More