දේශීය පුවත්

කොවිඩ් වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා උෂ්ණත්වමාන විසිදහසක් පාසල්වලට බෙදාහැරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙම උෂ්ණත්වමාන පාසල්වලින් සපයාගත යුතු බවට කලින් තීරණය කර තිබුණද ගුණාත්මක තත්ත්වයෙන් යුත් උෂ්ණත්වමාන ලබාදිය යුතු හෙයින් අමාත්‍යාංශය මගින් මිලට ගෙන පාසල්වලට බෙදාහැරීමට තීරණය කළ බව එහි ප්‍රකාශකයෙක් ඊයේ (21 වැනිදා) ‘අරුණ’ට පැවසීය. සිසුන් සංඛ්‍යාව අනුව පාසල්වලට අවශ්‍ය පහසුකම් සපයා ගැනීම සඳහා රුපියල් තිස්දහසේ සිට රුපියල් එක්ලක්ෂ දසදහස දක්වා මුදල් ප්‍රමාණයන් වෙන්කරන බවත් එම මුදලින් උෂ්ණත්වමාන, ජලකරාම හා ගිලන් ඇඳන් සපයා ගන්නා ලෙසත් අමාත්‍යාංශය පාසල් ප්‍රධානීන්ට දැනුම් දී තිබිණි.

නව තීරණයට අනුව උෂ්ණත්වමාන හැර සෙසු පහසුකම් සපයා ගැනීමේ වගකීම පාසල්වලට පැවරෙන බවද ඉහත ප්‍රකාශකයා කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More