විදේශ පුවත්

ලෝකයේ කොරෝනා ආසාදිතයින් වැඩිම ගණනක් වාර්තා වන රට වන්නේ ඇමෙරිකාවයි. එම සංඛ්‍යාව මේ වනවිට මිලියන 1.5 ඉක්මවා තිබේ.

මෙය සතුටු වීමට කාරණයක් ලෙස නොසැලකුණත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්වා දෙන්නේ එක අතකින් එය ගෞරවනීය තත්ත්වයක් බවයි.

ඇමෙරිකාවේ මේ තරම් ආසාදිතයින් හමුවීමට හේතුව එරට ආසාදිතයින් හඳුනාගැනීම සඳහා කරන පරීක්‍ෂණ සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගැනීම බව ට්‍රම්ප්ගේ තර්කයයි.

පසුගිය සතිය තුළ දිනකට පරීක්‍ෂණ ලක්‍ෂ 3-4 අතර සංඛ්‍යාවක් සිදු කර ඇති බව වාර්තා වෙයි. අඟහරුවාදා (19) වනවිට ඇමෙරිකාවේ කර තිබූ සමස්ත පරීක්‍ෂණ සංඛ්‍යාව මිලියන 12.6 ක් බව එරට රෝග පාලනය පිළිබඳ මධ්‍යස්ථාන නැමැති ආයතනය සඳහන් කර තිබේ.

ලෝකයේ වැඩිම පරීක්‍ෂණ සංඛ්‍යාවක් කළ රට එය වුවද ජනගහනයට සාපේක්‍ෂව පරීක්‍ෂණ සංඛ්‍යාව අතින් ඉදිරියෙන් සිටින්නේ ඇමෙරිකාව නොවේ.

ඒ අතින් ගත් කල කැනඩාව, අයිස්ලන්තය, නවසීලන්තය, රුසියාව වැනි රටවල් ඇමෙරිකාවට වඩා ඉදිරියෙන් සිටිති. එහිදී ඇමෙරිකාව හිමි කරගෙන සිටින්නේ 16 වැනි ස්ථානයයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

විදුර වික්‍රමණායකට පැටලිලා තියෙන තරම අනුව ජනාධිපතිගේ අභියෝගයේ තරම පෙනේ – ජාතික සංවිධාන වලින් විදුරට ටොක්කක්

සහල් පාලන මිල පැනවීමේදී මෝඩකමක් නොවේ නම් කුමන්ත්‍රණයක් සිදුවී ඇති බවට ජාතික සංවිධාන විසින් ප්‍රභල මතයක් ගොඩ නැගූ බැවින් විද...


Read More

කොටි ඩයස්පෝරාවේ දැඩි බලපෑම මත ශී‍්‍ර ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාව ලබන වසරේ යළිත් කරලියට

ජිනීවා යෝජනාවෙන් ශී‍්‍ර ලංකාව ඉවත් වීම ගැන තැකීමක් නොකර එම යෝජනාව 2021 මාර්තු මස පැවැත්වෙන 47 වැනි ජිනීවා මානව හිමිකම් සමුළ...


Read More

ලොස් ඇන්ජලිස් නුවරට ඇඳිරි නීතිය!

ඊයේ(30) අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8 සිට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවීමට ලොස් ඇන්ජලිස් නුවර නගරාධිපති එරික් ගාර්සෙට්ටි මහ...


Read More