ජනාධිපතිවරයා මාර්තු 02 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම එම පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය මේ වනතුරුත් කිසිදු අභියෝගයකට ලක් කර නොමැති බව ඊයේ (21) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී හෙළිදරව් වී තිබේ.
ඒත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විසුරුවන ලද පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේ දීය.
මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණේ එ.ජා.ප යෙන් කැඩී ගිය සමගි ජන බලවේගය පමණයි.
විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස ඉල්ලමින් පක්ෂ නියෝජිතයන් අත්සන් කළ ලිපියක එජාප, ජවිපෙ හා දෙමළ සන්ධානයේ නියෝජිතයන් අත්සන් කළද ඔවුන් එය ශ්‍රේෂ්ඨාධිකරණයේ අභීයෝගයට ලක් කර නොමැත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...