දේශීය පුවත්

මිහින්තලය ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන් පිරිසක් එක්වී මිහින්තලේ පූජා භූමියේ ඉඩම් කොල්ලකා මුදලට අලෙවි කිරීමේ නිරත බව මිහින්තලා රජ මහා විහාරාධිපති භාරකාර ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.

පෙරේදා (20 දා* මිහින්තලා රජ මහා විහාරස්ථානයේ රාජ්‍ය අංශවල ප‍්‍රධානීන් සමග පැවැති පොසොන් කමිටු රැස්වීමේදී මෙම ගැටලූව සම්බන්ධයෙන් නාහිමියෝ සඳහන් කළහ. වහාම රජයේ ඉඩම් විකිණීම නතර කළයුතු බව ද උන්වහන්සේ පැවසූහ. එහිදී රාජ්‍ය නිලධාරීන්ට හා උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයාට ඒ පිළිබඳව සඳහන් කළ නාහිමියෝ මෙසේ ද පැවසූහ.

මිහින්තලය ප‍්‍රදේශීය ලේකම් බල සීමාවේ පිහිටි ඉඩම් ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන් පිරිසක් එක්වි අඩි 5-10 කෑලි මුදලට අලෙවි කරනවා. රුපියල් ලක්ෂ හතර පහ බැගින් වූ මුදල්වලට ඔවුන් ඒවා අහිංසක මිනිස්සුන්ට ලබා දෙනවා. මේ කිසිවක් නොදන්න මිනිස්සු එම ඉඩම් මිලදී ගන්නවා.

මේවාට ගැටලූ පැනනැගුණාම ඒ මිනිස්සුන්ට අධිකරණවල පිහිට පතන්න වෙනවා. මේ මන්ත‍්‍රීවරුන් කරන වැඩෙන් මේ රටේ රාජ්‍ය නායකයන් අපකීර්තියට පත්වෙනවා. මේ අයට කියන්නේ වසර හතර පහකට ජනතා සේවයට ආපු සභිකයෝ කියලා. ඔවුන්ගේ ජනතා සේවය මේකද?

මෙම අවස්ථාවට සහභාගිවී සිටි මිහින්තලය ප‍්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත‍්‍රී උපාලි ආනන්ද මහතා-

මම මේ වැඩවලට තදින්ම විරුද්ධයි. නමුත් මන්ත‍්‍රීවරු 17ක් ඉන්න ප‍්‍රාදේශිය සභාවේ තනිමට මේවා වළක්වන්න බෑ. මේ වන විට මිහින්තලය නගරයේ විශාල ඉඩම් කොල්ලයක් සිදුවෙනවා. මේවා නවත්වන්න ඕනෑ. අපි අවුරුදු හතරකට පත්වුණු මන්ත‍්‍රීවරු. අපි ආත්මගරුත්වය රැුකගෙන වැඩ කරන්න ඕනෑ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More