විදේශ පුවත්

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එම පරිපාලනය ‘නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයට ප්‍රතිචාර දැක්වූ ආකාරය විවේචනය කරමින් එරට සිවිල් හා දේශපාලන සහ වැසියෝ පිරිසක් එකතු වී ඊයේ (20) ධවල මන්දිරය ඉදිරියේදී විරෝධතාවක නිරත වූහ.

මළමිනී දැමූ කළු පැහැති බෑග්වලට සමාන අනුරූ සකසමින් ඒවා වොෂින්ටනයේ ලෆායට් චතුරශ්‍රය ඉදිරියේ බිම අතුරමින් ඔවුහු එලෙස විරෝධතාවයේ නිරත වූහ.

‘‘ජනාධිපතිවරයා තවත් මිනීවල් කීයක් හාරනවාද ?’’ යනුවෙන් ඇතැම් විරෝධතාකරුවෝ එහිදි ප්‍රශ්න කළ අතර ඇතැම්හු ‘‘ට්‍රම්ප්ගේ අසාර්ථකත්වය අපේ අහිමි වීම’’ යනුවෙන් දැක්වෙන විරෝධතා පුවරු බිම ඇතුරූහ.

මළමිනී දැමූ කළු පැහැති බෑග්වලට දැමූ අනුරූ බිම ඇතිරූ විරෝධතාකරුවෝ ධවල මන්දිරයේ ඉදිරියේ ව්‍යාජ අවමංගල්‍ය උත්සවයක් ද පැවැත්වූහ. ඇතැම් හු කළු පැහැති බෑග් ආසන්නයේ සුදු පැහැති රෝස මල් ද තැබූහ.

‘‘ශෝක වීමේ දිනය’’ යනුවෙන් මෙම දිනය නම් කර තිබූ අතර මෙම විරෝධතාවට ඇමෙරිකාවේ සිවිල් සහ දේශපාලන සංවිධාන රැසක් මෙන්ම එරට වැසියෝ ද සහභාගී වී සිටියහ.

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් අද (21) පස්වරු වනවිට කොරෝනා ආසාදිතයන් 15,57,727ක් හඳුනාගෙන තිබූ බවත් කොරෝනා ආසාදිත මරණ 93,313ක් වාර්තා වී තිබූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.

ඡායාරූප – ඒ.එෆ්.පී. 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More