දේශීය පුවත්

රටක් වෙනුවෙන්, මිනිසුන් වෙනුවෙන් දිවි පිදීම නිෂ්ඵල ක්‍රියාවක් හෝ අමන ක්‍රියාවක් ලෙසට නව අර්ථකතන සපයන රටක තමා නොහදුනන තරුණියකගේ දිවි බේරීමට තම ජීවිතය පරදුවට තැබූ හමීඩ් රික්ෂ්වාන්ගේ උතුම් ආදර්ශයට ලංකා ලීඩ් නිව්ස් උත්තමාචාරය…

ජාතිවාදය , ආගම්වාදය සහ බෙදුම්වාදය අවුස්සමින් ජනයා බේද බින්න කරන කාලකන්නි දේශපාලකයන්ට හමීඩ් රික්ෂ්වාන් දුන් ඇතුල් පහරද ලංකා ලීඩ් ඉතා ඉහළින් අගය කරයි. එසේම සංවේගයට පත් ඔහුගේ ඥාතීන්ට ලංකා ලීඩ් නිව්ස් ශෝකය ප්‍රකාශ කරන වගයි.

 

ඉහල කොත්මලේ ජලාශයට පැන පු තරුණියක් බේරා ගැනිමට තලවකැලේ පොලිස් ස්ථානාධිපතිවරයා සමත්වෙයි

ඉහල කොත්මලේ ජලාශයට පැනපු තරුණියක් බේරා ගැනිමට දෙදරු පියෙක් අතුරුදහන් , තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා තරුණිය බේරා ගනි.ඉහල කොත්මලේ ජලාශයට පැන්නේ යැයි කියන තරුණියක් (21) දින බේරා ගැනිමට තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් ප්‍රනාන්දු මහතා විසින් බේරාගෙන ඇත.ඉහල කොත්මලේ ජලාශය හරහා ඉදි කර තිබෙන දුම්රිය පාලම අසලින් අවුරුදු 22 පමණ වයසැති මෙතෙක් හදුනාගෙන නොමැති තරුණිය ජලාශයට පැන ඇති අතර එ දුටු දුම්රිය පාලම අසලම පදිංචි අවුරුදු 32 වයසැති දෙදරු පියෙක් තරුණිය බේරා ගැනිමට ජලාශයට පැන ඇත.ජලාශය මධ්‍යයේ සිටි තරුණිය වෙත පිනා ගිය දෙදරු පියා තරුණිය ළගට ළගා විමත් සමග තරුණිය දෙදරු පියා සමග යලිත් ජලාශය තුල අතුරුදහන් වි තරුණිය ජලාශයෙන් මතු විමත් සමග තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා ජලාශයට පැන තරුණිය වෙත ළගා වි තලවකැලේ පොලිසියේ අනෙකුත් නිලධාරින් විසින් ලබා දුන් කබයක සහ ටියුබයක ආධාරයෙන් තරුණියව ගොඩට ගෙන ලිදුල රෝහල වෙත ඇතුලත් කර ඇත.විනාඩ් 10 ක් වැනි කෙටි කාලයක් තුල තරුණියව බේරා ගැනිමට තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා සමත් වි ඇති අතර තරුණිය බේරිමට ඉදිරිපත් වු දෙදරු පියා සොයා මේ වන විට පොලිස් ජිවිත ආරක්ෂක භටයින් සහ ප්‍රදේශවාසින් ජලාශයේ මෙහෙයුමක්ද ආරම්භ කර ඇත.ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ ජල මට්ටමද ඉහල ගොස් ඇත.

Gepostet von Neth FM am Donnerstag, 21. Mai 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More