විදේශ පුවත්

ජෝන්ස් හොප්කින්ස් සරසවිය නිකුත් කර ඇති නවතම වාර්තා වලට අනුව අද(21)  වන විට සමස්ත ලෝකය පුරා කෝවිඩ්19 වෛරසය ආසාදිත රෝගීන් 5,000,038ක්  වාර්තා වී ඇති බව පැවසේ. සරසවියේ වාර්තා වලට අනුව කෝවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් සිදුවූ මරණ ගනන 328,000 ඉක්මවා යමින් පවතී.

සරසවි වාර්තා වලට අනුව කෝවිඩ්19 වෛරසය ආසාදිතයන් සිටින වැඩිම රට අමෙරිකාව වන අතර ආසාදිතයන් ගනන මිලියන 1.5 ඉක්මවා ගොස් තිබේ.අමෙරිකාවට පසුව වැඩිම  ආසාදිතයන් පිරිසක් සිටින  රට වන්නේ රුසියාව වන අතර ආසාදිතයන් සංඛ්‍යාව  308,000 ඉක්මවා ගොස් තිබේ.

මේ අතර ලෝක සෞඛ්‍යය සංවිධානයේ වාර්තා වලට අනුව පැවසෙන්නේ දිනක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම කෝවිඩ්19 වෛරස් ආසාදිතයන් ගණන වූ 106,000 ඊයේ(20) දිනයේදී වාර්තා වූ බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වසංගත රෝග විශේෂඥයන් පවසන්නේ ලෝකය පුරා කෝවිඩ්19 වෛරසය ආසාදිතයන් සොයා ගැනීමේ පරීක්ෂණ කටයුතු වැඩිකිරීම හේතුවෙන් රෝගීන්ගේ මෙවැනි ඉහළ අගයක් වාර්තා වීමට ඉඩ ඇති බවයි.

මේ වන විට ලෝකයේ බොහෝ රටවල් අගුලු දැමීමේ කටයුතු ලිහිල් කරමින් සිටින අතර වසංගත රෝග විශේෂඥයන්ගේ මතය වී ඇත්තේ එළඹෙන මාස කිහිපය තුළ වෛරස ආසාදනයේ දෙවැනි රැල්ල ලෝක පරිමානව ආරම්භ වීමට නියමිත බවයි.

ජීවන්ත ජයතිස්ස,
jeewanthaj@gmail.com

මූලාශ්‍ර – www.rt.com


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More