දේශීය පුවත්

මන්නාරම් තුඩුවේ මේ වන විට ඉදිවෙමින් පවතින මෙරට විශාලතම  සුළං බල ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කර පුණර්ජනනිය විදුලි බල නිෂ්පාදනය වැඩි කිරිමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාට උපදෙස් ලබාදී තිබේ.

2030 වසර වන විට මෙරටට විදුලි බල සැපයුමෙන් සියයට 80ක් පුණර්ජනනිය බලශක්ති මගින් උත්පාදනය කිරිම ජනාධිපතිවරයාගේ ඉල්ලකය බව අමාත්‍යවරයා පවසයි.

එබැවින් මෙම ව්‍යාපෘතිය තවදුරටත් ශක්තිමත් කිරිම ජනාධිපතිවරයාගේ පර්මාර්ථය වී ඇති බව ද මහින්ද අමරවීර මහතා පවසනවා.

මන්නාරම් තුඩුවේ ඉදිවෙන මෙම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරිම් කටයුතු මේ වසරේ සැප්තැම්බර් මස අවසන් කිරිමට නියමිතව ඇති අතර එහි ඉදිකිරිම් සදහා රුපියල් බිලියන 25ක් ඇස්තමේන්තු කර තිබේ.

මෙමගින් මෙගාවොට් 103ක විදුලි උත්පාදනයක් සිදු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සදහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More