දේශීය පුවත්

සහල්වලට වැරදි පාලන මිලක් නියම කිරීම මඟින් රු. 50ට වී මිලදී ගැනීමට නොහැකිවන තත්වයක් ඇති කිරීමෙන් නොනැවතී එහි දෙවන අදියර වූ කුඩා හා මධ්‍යම පරිමාන මෝල් හිමියන්ට නඩු දැමීමේ ක්‍රියාවලියද මේ වන විට ආරම්භ වී ඇත.

දැන් එම කුමන්ත්‍රණකාරී ක්‍රියාවලියේ තුන්වන අදියර ලෙස වී වගාව අධෛර්‍යමත් කිරීම සඳහා යල් කන්නය වී සඳහා වතුර ලබා නොදීමට වාරි මාර්ග ඉන්ජිනේරුවන් යොදා ගනිමින් ක්‍රියාවලියක් දියත් වෙමින් ඇත.

ඒ අනුව කලාවැව වාන් දැමීමට ආසන්නව තිබියදී හෙක්ටයාර් 25,000 ක් එනම් 50% ක් කුඹුරු පමණක් වගා කරන ලෙස එම කලාපයේ ගොවීන්ට අදාළ නිලධාරීන් විසින් බලපෑම් කිරීමට පටන්ගෙන ඇත.

එම නියෝගයට පටහැනිව වී වගා කරන ගොවීන්ට ණය හෝ පොහොර සහනාධාර නොදෙන බව සහ නඩු දමන බවට ගොවීන්ට තර්ජනය කළ බව ගොවීහු පවසති. ඔවුන් විසින් තම දුක් ගැනවිල්ල බැසිල් රාජපක්ෂ මහතාට ඉදිරිපත් කොට ඇති බවට ද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More