වී සඳහා රු. 50ක සහතික මිලක් ගෙවීමට නොහැකිවන ලෙස සහ එම මිලට වී මිලදී ගත් කුඩා සහ මධ්‍යම පරිමාන සහල් කර්මාන්තකරුවන්ට සහල් වෙළඳපළට නිකුත් කිරීමට නොහැකිවන ලෙස සහල් පාලන මිල නියම කිරීම නිසා ඇඳවැටුණු එම මෝල් සම්පූර්ණයෙන්ම වසාදමන තත්වයක් ඇතිවන ලෙස සහල් සැඟවීමේ චෝදනාව යටතේ නඩු දැමීමේ ක්‍රියාවලියක් දැන් ආරම්භ වී ඇත.
ලංකා ලීඩ් පර්යේෂණ ඒකකයේ අධ්‍යනයන්ට අනුම එම ක්‍රියාවලි දෙකම එකම අරමුණක් සහිතව එනම් වී වගාව සහ සහල් කර්මාන්තය කඩා වැට්ටවීම සඳහා කරනු ලබන කුමන්ත්‍රණයක් බව පැහැදිළි වේ. ඊට හේතුව රු. 50ට වී මිලදීගෙන රු. 85ට සහල් දිය නොහැකි බව ඕනෑම බත්කන අයෙකුට තේරුම්ගත හැකි වීමය.
දැන් එම ප්‍රශ්ණය නිසා මොල් තුල වී සහ සහල් ගොඩගසාගෙන කම්මුලේ අත් තබාගෙන බලා සිටින කුඩා සහ මධ්‍යම පරිමාන මෝල් හිමියා අධිකරණයට ඇදගෙන යාම කුමන්ත්‍රණයක් බවට විවිධ පාර්ශව විසින් කරුණු දක්වා ඇත.
මහා මෝල් හිමියන්ට එරෙහිව වෛරයක් හදා කුඩා මෝල් වසා දැමීමට මහජන සහය ලබා ගැනීමේ සූක්ෂම මානසික යුද උපක්‍රමයක්ද ක්‍රියාත්මක වන බව හඳුනාගත හැක.
සබැඳි පුවත් –

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...