ව්‍යාපාරික පුවත්

2019 ජූලි මාසයේ දී ප්‍රකාශයට පත්කරන ලද ලෝක බැංකුවේ රටවල් වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයේ රටක තත්ත්වයට උසස්කර ඇත. ඒක පුද්ගල දළ ජාතික ආදායම පදනම් කර ගනිමින්ලෝක බැංකුව විසින් අඩු ආදායම්, පහළ මැදි ආදායම්, ඉහළ මැදි ආදායම් සහ ඉහළ ආදායම් ලෙස ආදායම් කාණ්ඩවලට රටවල් වර්ගීකරණය කරයි.

මෙම වර්ගීකරණයට අනුව, ශ්‍රී ලංකාව 1997 වසරේ දී පහළ ආදායම් කාණ්ඩයේ තත්ත්වයෙහි සිට පහළ මැදි ආදායම් කාණ්ඩයේ රටක් දක්වා උසස් විය. එතැන් සිට, 2004 වසරේ දී සිදු වූ සුනාමි ව්‍යසනය, 2009 වසරේ දී අවසන් වන තෙක් සිවිල් ගැටුම් උත්සන්න වීම්, අතිශයින් අහිතකර කාලගුණික තත්ත්වයන් හා ඒ ආශ්‍රිත ස්වාභාවික ආපදා පැවති කාලපරිච්ඡේද සම සමාජයීය-ආර්ථික හා දේශපාලනික  වෙනස්කම් යනාදී අභියෝගාත්මක කාලපරිච්ඡේදයන් පසු කරමින් ශ්‍රී ලංකාව ඉදිරියට ගමන් කර ඇත. එවැනි අවහිරතාවන්ගෙන් සාර්ව ආර්ථිකය මත අහිතකර බලපෑම් එල්ල වුවද, පහළ මැදි ආදායම් තත්ත්වයට උසස්වීමේ සිට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සාමාන්‍ය වශයෙන් සියයට පහකට වඩා වැඩි අගයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව මැදි ආදායම් කාණ්ඩය දක්වා ළඟා විය.

කෙසේ වෙතත්, පහළ මැදි ආදායම් කාණ්ඩයේ සිට ඉහළ මැදි ආදායම් මට්ටම දක්වා ළඟා වීමට ශ්‍රී ලංකාව වසර 21ක කාලයක් ගත කර ඇති අතර, එය සමහර නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන් සහිත රටවල් හා සැසඳීමේ දී සාපේක්ෂ වශයෙන් දීර්ඝ කාලයක් ලෙස සැලකිය හැකිය. එබැවින්, මැදි ආදායම් මට්ටම්වල දිගු කාලයක් රැඳී සිටීමට සිදුවීමේ තත්ත්වය ,එනම් මැදි ආදායම් උගුලට (middle income trap) හසුවීම වළක්වා ගනිමින්, ඉදිරි කාලයේ දී ශක්තිමත් වර්ධන ගම්‍යතාවක් තිරසාරව පවත්නා ගැනීම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාව අවශ්‍ය ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ කාලීනව හඳුන්වා දීම අත්‍යාවශ්‍ය වේ.

රටවල් මැදි ආදායම් උගුලට හසුවීමට බලපාන සාධක පිළිබඳව පොදු එකඟතාවයන් නොමැති වුවද, අඩු ආර්ථික විවිධාංගීකරණය, අනම්‍ය හා කාර්යක්ෂම ශ්‍රම වෙළෙඳපොළ, දියුණු යටිතල පහසුකම් නොමැති වීම, දුර්වල ආයතන සහ අඩු නවෝත්පාදන මට්ටම් යන සාධක හේතුකොට ගෙන ඵලදායීතාවයෙහි සිදුවන පහළ යෑම ප්‍රධාන වශයෙන් ඒ සඳහා දායක වන බව පර්යේෂණ පත්‍රිකා මගින් පෙන්නුම් කරයි.

උදාහරණයක් ලෙස, Pruchnik and Zowczak (2017) විසින් ආර්ථික වර්ධනය මන්දගාමී වීම සඳහා ජන විකාශයේ පවතින අහිතකර තත්ත්වයන්, පහළ මට්ටමේ ආර්ථික විවිධාංගීකරණය, අකාර්යක්ෂම මූල්‍ය වෙළෙඳපොළ, වඩාත් වැඩිදියුණු යට්තල පහසුකම් නොමැති වීම, අඩු මට්ටමේ නවෝත්පාදන, දුර්වල ආයතන සහ කාර්යක්ෂම ශ්‍රම වෙළෙඳපොළ යනා දී වශයෙන් ප්‍රධාන සාධක හතක් අවධාරණය කර ඇත.

Pruchnik and Zowczak (2017) වර්ගීකරණයට අනුව, ආර්ථික විවිධාංගීකරණය සහ ශ්‍රම වෙළෙඳපොළ කාර්යක්ෂමතා මට්ටමෙහි පහළම සියයට 20 තුළ ශ්‍රී ලංකාව පසුවේ. මෙම පසුබිම තුළ, ඉදිරි කාලයේ දී තිරසාර වර්ධනයක් සහ ආර්ථික සමෘද්ධිය සැමට බෙදීයෑම තහවුරු කිරීම සඳහා, ආදායම් විෂමතාව සහ දුගීබව තුරන්කරලීම වැනි ගැටලු විසඳීමෙ සඳහා අවධානය යොමු කළ යුතු අතරම, ඉහත සඳහාන් කළ ක්ෂේත්‍ර තුළින් පැන නැගිය හැකි අභියෝග සඳහා මුහුණ දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ද ගත යුතුය.

මොකක්ද මේ මැදි ආදායම් උගුල?

සමහර වර්ගීකරණවලට අනුව ශ්‍රී ලංකාව මැදි ආදායම් උගුලට හසුව ඇති බවට කියැවේ. මැදි ආදායම් මට්ටම දක්වා වේගයෙන් ළඟා වුවද, ඉන් අනතුරුව ඉහළ ආදායම් මට්ටම දක්වා ළඟාවීමට එවැනි වර්ධන වේගයක් පවත්වා ගැනීමට අසමත්ව පවතින රටවල් විග්‍රහ කිරීමේ දී අර්ථශ්‍රාස්ත්‍රඥයින් විසින් මැදි ආදායම් උගුල යන යෙදුම භාවිත කරනු ලැබේ. මීට අදාළ පර්යේෂණ පත්‍රිකා තුළ දැක්වෙන විවිධ අධ්‍යයන අතර මැදි ආදායම් උගුල විග්‍රහ කිරීම සඳහා පවතින නිර්වචන එකිනෙකට අනුරූපී නොවන අතර, ඒ අනුව මැදි ආදායම් උගුලට හසුව සිටින රටවල් සංඛ්‍යාව විවිධ පර්යේෂකයින් අනුව වෙනස් වේ. උදාහරණයක් ලෙස, Pruchnik and Zowczak (2017) විසින් මැදි ආදායම් උගුල පිළිබඳව අදාළ පර්යේෂණ පත්‍රිකා තුළ පවතින එවැනි වෙනස්කම් සන්සන්දනය කිරීමේ දී, ශ්‍රී ලංකාව මැදි ආදායම් උගුලට හසුව ඇති බව පර්යේෂණ පත්‍රිකා ද්විත්වයක් තුළ සඳහන්ව ඇති බව පෙන්වා දෙන අතර, එලෙස එකම ආදායම් කාණ්ඩයක් තුළ දිගු කාලයක් රැඳී සිටීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 වාර්ෂික වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

 

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More