දේශීය පුවත්

අම්පාර, පොතුවිල්, මුහුදු මහා විහාරයට අදාළ භූමිය සම්බන්ධයෙන් මැනුම් කටයුතු ආරම්භ කරන බව මැනුම්පතිනි එල්.ආර්.එස්.සී. පෙරේරා පවසයි. ඊට අයත් පාර්ශ්වයන් සමග මෙම 27 වැනිදා පැවැත්වෙන සාකච්ඡාවකින් පසු මෙම මැනුම් කටයුතු සිදුකෙරේ.

පොතුවිල් මුහුදු මහා විහාරයේ පුරා විද්‍යා භූමියේ මායිම් සම්බන්ධව මැනුම්පතිනිය සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක අතර සාකච්ඡාවක් ඊයේ (20 වැනිදා) පෙරවරුවේදී පැවැත්විණි.පුරාවිද්‍යා භූමියේ මායිම් සම්බන්ධ තොරතුරු රැසක් මෙහිදී ලබාගත් බවද මැනුම්පතිනිය කීවාය.

විහාර භූමියේ මායිම් සම්බන්ධව විහාරාධිපති හිමියන්,අම්පාර දිස්ත්‍රික් ලේකම් ඇතුළු පාර්ශ්ව කීපයක් සමග 27 වැනිදා සාකච්ඡාව පැවැත්වෙනු ඇත.

පොතුවිල් මුහුදු මහා විහාරයීය පුරා විද්‍යා භූමිය සහ වෙරළ කලාපය විවිධ පාර්ශ්ව විසින් අනවසරයෙන් අල්ලා ගෙන තිබිණි. එම තත්ත්වය වළක්වාලීම සඳහා මුහුදු මහා විහාරයට ආරක්ෂාව ලබා දීමටත්, පුරාවිද්‍යා භූමිය මැනුම්ගත කර යළි ගැසට් කිරීමටත් රජය තීරණය කරන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More