කතෝලික පල්ලිවල ආරක්ෂාව තර කොට පරීක්ෂණ වැඩිකරන ලෙස පාස්කු ප්‍රහාරයට පෙර දැනුම්දී තිබුණත් එම දේවස්ථානලට අනතුරු ඇඟවීම් සිදු නොකළ බව කොළඹ මධ්‍යම දිස්ත්‍රික්ක-01 භාරව කටයුතු කළ පොලිස් අධිකාරි ශාන්ත වික්‍රමසිංහ මහතා ඊයේ ජනාධිපති කොමිසම හමුවේ පිළිගත්තේය.
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවට ඊයේ පස්වරුවේ පළමුව කැඳවා තිබුණේ ත්‍රස්ත ප්‍රහාරය සිදුවු කාලවකවානුවේ කොළඹ මධ්‍යම දිස්ත්‍රික්ක එක භාරව කටයුතු කළ පොලිස් අධිකාරි ශාන්ත වික්‍රමසිංහ මහතායි.
එහිදි සිය සාක්ෂි ලබාදෙමින් පොලිස් අධිකාරිවරයා සඳහන් කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ පුර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුරු ඇතුළත් පිටු 07ක ලේඛන කට්ටලයක් කොළඹ මධ්‍යම කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපාලි ජයසිංහ මහතා විසින් ඉකුත් වසරේ අප්‍රේල් මස 12 වන දින තමන් වෙත එවු බවයි.
අදාළ ලේඛන කට්ටලය සහරාන් හෂිම්ගේ ඡායාරූප ඇතුළත් පත්‍රිකාවකින්ද සමන්විත වු අතර කතෝලික දේවස්ථාන ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල විය හැකි බැවින් දේවස්ථාන ප්‍රධානින් දැනුවත් කරන ලෙස එහි පැහැදිලිව උපදෙස් දී තිබු බව පොලිස් අධිකාරිවරයා ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේය.
පොලිස් අධිකාරි ශාන්ත වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීමට පෙර දින පස්වරු 7.30ට පමණ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා තමන් දුරකතනයෙන් අමතා මෙතැන් සිට ප්‍රහාරයක් එල්ලවීමේ හැකියාවක් පවතින බැවින් කතෝලික පල්ලිවල ආරක්ෂාව වැඩිකරන ලෙසත්, පරීක්ෂණ වැඩිකිරීමට පියවර ගන්නා ලෙසත් උපදෙස් දුන් බවයි.
ඒ අනුව තමන් එම අවස්ථාවේදිම කොළඹ මධ්‍යම කොට්ඨාශයේ සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට අදාළ උපදෙස් දුන් බව පොලිස් අධිකාරිවරයා ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේය.
කෙසේවෙතත් මහජන කැළඹීමක් ඇති නොවන පරිදි සොයා බලන ලෙස දැනුම් දී තිබු බැවින් එලෙස කතෝලික දේවස්ථාන වලට අනතුරු ඇගවීමක් සිදු නොකළ බව ඔහු පැවැසුවේය.
මෙහිදි මහජනයා දැනුවත් කිරීම සහ දෙවස්ථාන ප්‍රධානින් දැනුවත් කිරීම ක්‍රියාවන් දෙකක් නොවන්නේදැයි කොමිසමේ සභාපතිවරයා ප්‍රශ්න කර සිටි අතර එහිදි සාක්ෂිකරු නිහඩව සිටියේය.
අනතුරුව ජනාධිපති විමර්ශන කොමිසම හමුවට කොටුව පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම් සරත් කුමාරසිංහ මහතා කැඳවුවේය.
රාජකාරි ආවරණය කිරීමට පැමිණි තමන් දින 05ක් නිවාඩු ලබාසිට පැමිණි බවත්, පොලිස් ස්ථානාධිපතිවරයා නිවාඩු ලබා ගැනීමේදි පෙර දින කිහිපයේ ලද අනතුරු ඇඟවීම් පිළිබඳව කිසිදු තොරතුරක් ගැන තමාව දැනුවත් නොකළ බවත් පොලිස් පරීක්ෂක කුමාරසිංහ මහතා ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේය.
කෙසේ වෙතත් ප්‍රහාරය එල්ල වීමට පෙර දින පස්වරුවේ පොලිස් අධිකාරි ශාන්ත වික්‍රමසිංහ මහතා දුරකතන ඇමතුමක් ලබා දී එදින රාත්‍රීයේ ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි දැනුම් දුන් බැවින් ඒ පිළිබඳ සියලු තොරතුරු රාත්‍රී රාජකාරියේ නිරත නිලධාරින්ට ලබාදෙන ලෙස තමන් කොටුව පොලිස් ස්ථානයේ රාජකාරි භාරව කටයුතු කළ ලලන්ත ප්‍රියදර්ශන නිලධාරියාට උපදෙස් දුන් බව සාක්ෂිකරු සිය සාක්ෂිය මගින් කියා සිටියේය.
ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අනතුරු ඇඟවීමක් කර තිබියදි අප්‍රේල් 20 වන දින පස්වරුවේ කොළඹ කොටුව පොලිස් බලප්‍රදේශයේ, සමාන්‍යයෙන් ක්‍රියාත්මක වන පොලිස් මාර්ග බාධක 6 හි පරීක්ෂා කිරීම් දැඩි කිරීමට පියවර ගත්තේ දැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය මෙහිදි සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළේය.
එහිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාරසිංහ මහතා සඳහන් කළේ ප්‍රමාණවත් නිලධාරින් නොසිටිම හේතුවෙන් එදින පොලිස් මාර්ග බාධක දෙකක් පමණක් ක්‍රියාත්මක වු බවයි.
එහිදි ජනාධිපති කොමිසම ප්‍රශ්න කලේ වගකිම් සහගතව ක්‍රියා කළ යුතු වැදගත් අවස්ථාවක අනෙකුත් නිලධාරින්ට රාජකාරි පැවරු සාක්ෂිකරු අප්‍රේල් 20 වන දින පස්වරුවේ කොටුව පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙස කුමන රාජකාරියක නිරත වුයේද යන්නයි.
තමන් අප්‍රේල් 21 වන දින අලුයම 2ට පමණ පැය 2 1/2ක පමණ කාලයක් කොටුව පොලිස් බල ප්‍රදේශයේ සංචාරය කළ බවත්, මාර්ග බාධක නිරීක්ෂණය කළ බව ඔහු පැවැසුවත් තමන් පරීක්ෂාවට ලක්කළ මාර්ග බාධක පිළිබඳ නිවැරදි තොරතුරු ලබාදීමට එහිදි ඔහු අපොහොසත් වුණි.
අනතුරුව ප්‍රහාරය පිළිබඳව පෙර බුද්ධි තොරතුරු ලැබී තිබියදි නිවාඩු ගොස් ඇති කොටුව පොලිස් ස්ථානයේ නිත්‍ය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර ලියනගේ මහතා සාක්ෂි විමසීමට ජනාධිපති කොමිසම හමුවට කැඳවනු ලැබුවේය.
එහිදි ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් පළමුව විමසා සිටියේ කොළඹ මධ්‍යම කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් අප්‍රේල් මස 12 වන ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව දැනුවත් කිරීමට පැවැත්වු උපදෙස් පන්තියේදි ගනුලැබු තීරණ පිළිබඳව ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් කුමාරසිංහ දැනුවත් කළේද යන්නයි.
එයට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ එම තොරතුරු පිළිබඳව තමන් නිවාඩු යාමට පෙර ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාරසිංහව ගෙන්වා දැනුවත් කළ බවයි.
අප්‍රේල් 13 වන දින සිට 18 දින දක්වා කුමාරසිංහ නිලධාරියා නිවාඩු ගොස් සිටියේ නම් ඔහුව ගෙන්වා දැනුවත් කළේ කෙසේද යන්න කොමිසම විමසුවිට ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර ලියනගේ මහතා තමන් පෙර ලබාදුන්නේ අසත්‍ය ප්‍රකාශයක් බව පිළිගත්තේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...