අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවට ආණ්‌ඩුවේ කවුරුන් හෝ අත්සන් කළහොත් ඔවුන්ට ආණ්‌ඩුවේ සිටිය නොහැකි බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.
විපක්‍ෂය ඉදිරිපත් කරන විශ්වාසභංගයට ඉතා පහසුවෙන් මුහුණ දෙන බවද ආණ්‌ඩුවට කිසිදු බලපෑමක් නොමැති බවද ඊයේ (21 දා) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කීය.
පෙරේදා පැවැති කැබිනට් මණ්‌ඩල රැස්‌වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කළ නමුත් අගමැතිවරයාට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසිවකු කතා නොකළ බවද ප්‍රශ්නයක් ඇත්නම් මුලින්ම කැබිනට් එකේ කතාකර විස¹ ගත යුතු බවද ඇමැතිවරයා පැවැසීය. එසේ නොමැතිව පිටතදී ප්‍රකාශ නිකුත් කිරීම සුදුසු නැති බවද ඇමැතිවරයා කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...