ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කටුපොල් වගාව තහනම් කර තිබියදී මේ වන විට මෙරට ප්‍රධාන පෙළේ වැවිලි සමාගම් තුනක්, උපක්‍රමශීලීව කටුපොල් වගාවේ යෙදී සිටින බව පරිසරවේදී ජයන්ත විජේසිංහ පවසයි.
ඒ අනුව පසුගියදා එක් වැවිලි සමාගමක් විසින් ගාල්ල තල්ගස්වල වතු යායේ කටුපොල් පැළ 500 කට අධික සංඛ්‍යාවක් සිටුවා ඇතැයිද ඒ මහතා ප්‍රකාශ කරයි.
ඔහු පවසන පරිදි ඇඳිරිනීතිය සමයේ වැවිලි වගාව සම්බන්ධයෙන් වූ නීති ලිහිල් කිරීමෙන් ප්‍රයෝජන ගෙන කැලෑ මැද්දට වන්නට පිහිටි ජන ශුන්‍ය ප්‍රදේශවලත් , තේවතු මධ්‍යයේත් පැළ වගාකර තිබේ. එම ප්‍රදේශයේ පරිසර ක්‍රියාකාරීන් පිරිසක් විසින් කළ සොයාබැලීමකදී මේ බව තහවුරු වී ඇත. එම ස්ථානයට පොලිසිය කැටුව ගිය දිනයේදී පමණක් එසේ වගාකොට තිබූ පැළ 90ක් සොයාගෙන ඇත.
කටුපොල් වගාව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී අතීතයේ ගැටලුකාරී තත්ත්වයන් මතුවූ බැවින් මේ අවස්ථාවේදී නීතිය ක්‍රියාත්මක වනු ඇති බවට තමා විශ්වාසය පළ කරන බවත් පරිසරවේදී ජයන්ත විජේසිංහ සඳහන් කරති.
මීට අමතරව අවිස්සාවේල්ල සහ දැරණියගල ප්‍රදේශවලද ප්‍රධාන පෙළේ වැවිලි සමාගම් කිහිපයක් විසින් උපක්‍රමශීලීව කටුපොල් වගාවේ යෙදී සිටින බවද ඔහු පවසයි.
සබැඳි පුවත් –

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...