දේශීය පුවත්

හෝමාගම ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් තමන් අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පිළිගෙන තිබේ. ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ ඒ සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරන බවය.

ගම්මන්පිල මහත පසුගියදා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ අදාල ව්‍යාපෘතිය සඳහා රජයට කිසිදු වියදමක් දැරීමට සිදු නොවන බවය. ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් මුදල් ලබාදෙන බවත්, ඒ අනුව මෙම ක්‍රීඩාංගනය ඉදිකිරීම කිසිදු ගැටලුවක් හෝ අපරාධයක් නොවන බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් ඊයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර තිබුණේ අදාල ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් සඳහා මුදල් ලබාදීම තබා එවැනි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් හෝ එම ආයතනය දැනුවත්ව නොමැති බවයි.

උදය ගම්මන්පිල මහතා සිය ට්විටර් පණිවුඩය හරහා පවසන්නේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ලබාදුන් වැරදි තොරතුරු මත පදනම්ව තමා එම ප්‍රකාශය සිදුකළ බවයි. ඒ අනුව අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් තමා කණගාටුව පළ කරන බව ඔහු පවසා සිටියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More