කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් දෛනික ආදායම් අහිමි වූ පවුල්වලට ගෙවනු ලබන දීමනාව ලබන ජුනි මාසයට ගෙවීම දේශපාලන ව්‍යාපතියක් බවට පත්විය හැකි යැයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇති බැවින් එම දීමනාව ලබන මාසයේ නොගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
රුපියල් 5000 දීමනාව ජූනි මාසයේ ගෙවීම දේශාලපන ව්‍යාපෘතියක් බවට පත්විය හැකි බැවින් එය ජූනි මාසයේ ගෙවීම නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා ජනාධිපති ලේකම් ආචාර්ය පී. බි. ජයසුන්දර මහතා වෙත ඉකුත් 17 වැනිදා ලිපියකින් දන්වා ඇත.
ජනාධිපති කාර්යාලයේ අද (20) දහවල් පැවැති කැබිනට් රැස්වීමේදී එම ලිපිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවත්, මෙය දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්විය හැකි යැයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇති බැවින්, එය ලබන මාසයේ නොගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවත්, රජයේ කැබිනට් ප‍්‍රකාශයක ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...