දේශීය පුවත්

ගත වූ දින 20 ක කාලය තුළ මෙරට බාහිර සමාජයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය පිළිබද නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්,  විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන කියාසිටියේ සෞඛ්‍ය ආරක්‍ෂිත ක‍්‍රමවේද අනුගමනය කිරීම තවදුරටත් අත්‍යවශ්‍ය බවයි.

කොළඹ ඇතුළු ප‍්‍රදේශවල ක්‍ෂේත‍්‍රයෙන් අහඹු ලෙස තෝරාගන්නා පුද්ගලයින්ගෙන් පී සී ආර් පරීක්‍ෂණ සදහා නියැදි ලබා ගැනීම තවදුරටත් සිදුවේ.

නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 584 දෙනෙකු මේ වනවිටත් පූර්ණ සුවය ලබා පිටව ගොස් අවසන්.

ඒ, අද දිනයේද වෛරසය ආසාදනය වූ 15 දෙනෙකු පූර්ණ සුවය ලැබීමත් සමගයෙ. ඒ අතරට කොළඹ බණ්ඩාරණායක මාවතෙන් පළමු වරට හදුනා ගත් කොරෝනා වෛරසය ආසාදනය වූ කාන්තාවද අයත්වේ.

මේ දක්වා මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 1,027 කි. තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන සංඛ්‍යාව 434 ක් වන අතර අද දිනයේද කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

සමාජය තුළ රෝගය පැතිරීමේ අවදානම ක‍්‍රමයෙන් අඩුවෙමින් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි ප‍්‍රකාශ කළේය. පසුගිය කාලය සැලකීමේදී එය තහවුරු වන බවද ප‍්‍රකාශ කෙරුණි.

යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ නාවික සාමාජිකයින් 354 දෙනෙකු තවදුරටත් ප‍්‍රතිකාර ලබන බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More