පසුගිය වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරය සහ මෙම වසරේ කොවිඞ් වසංගත තත්වය හමුවේ වෙසක් පොසොන් සැමරුම් අවලංගු වීම හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින තොරණ නිර්මාණ ශිල්පීන් සඳහා සහන සැලසීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇත.
ආර්ථික පුනර්ජීව හා දරිද්‍රතාවය තුරන් කිරීමේ කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සහ තොරණ නිර්මාණ ශිල්පීන්ගේ සංසදය සමග ඊයේ (19) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවක දී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ලැබීය.
මෙහිදී තොරණ නිර්මාණ ශිල්පීන්ගේ සංසදය ඉල්ලා සිටියේ කොරෝනා වසංගත තත්වය පහව යෑමෙන් අනතුරුව තමන් නිර්මාණය කරනු ලැබූ තොරණ් ප්‍රදර්ශනය කිරීම සඳහා දිනයක් වෙන්කොට රාජ්‍ය අනුග්‍රහයෙන් අවසර ලබාදෙන ලෙසයි.
මීට අමතරව තොරණ නිර්මාණ ශිල්පීන් විශාල පිරිසක් බැංකු ණය පදනම මත තම නිර්මාණ බිහි කර ඇති නිසා එම බැංකු ණය සඳහා සහන කාලයක් ලබා දෙන ලෙස ද මෙහිදී ඉල්ලා සිටියේය.
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පමණක් ආනයනය කිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට අනුව තොරණ නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යය පිටරටින් ගෙන්වීමට හැකියාවක් නොමැතිවීම හේතුවෙන් දේශීය අමුද්‍රව්‍යවලට යොමු වන ලෙස බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය.
වත්මන් තත්වය හමුවේ අසරණව සිටින තොරණ නිර්මාණ ශිල්පීන් සඳහා බැංකු ණය සහන ලබාදීම සම්බන්ධයෙන්ද ක්‍රියාමාර්ගයක් ගන්නා බව බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කරනු ලැබීය.
දැනට නිර්මාණය කොට ඇති තොරණ ප්‍රදර්ශනය කිරීම සඳහා කොරෝනා වසංගතය තත්වය පහව යෑමෙන් අනතුරුව අවස්ථාව සලසා දීමට පියවර ගන්නා බව බැසිල් රාජපක්ෂ මහතා අපි එහිදී අවධාරණය කළේය.
තොරණ නිර්මාණ ශිල්පීන්ගේ සංසදය


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...