දේශීය පුවත්

කොවිඩ්-19 වසංගත තත්ත්වයේ බලපෑම හේතුවෙන් ලොව පුරා පුද්ගලයින් මිලියන 60 කට වැඩි පිරිසක් දිළිඳුභාවයට පත්වීමේ අවදානමක් පවතින බවට ලෝක බැංකුව අනතුරු අඟවයි.

ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්පාස් සදහන් කර ඇත්තේ වසංගත තත්ත්වය හේතුවෙන් මේ වසරේ ගෝලීය ආර්ථික වර්ධනය සියයට 5 ක පමණ අගයකින් පහල යනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

කොවිඩ් වසංගත තත්ත්වය මේ වන විටත් ලොව පුරා පුද්ගලයින් මිලියන ගණනකගේ රැකියා සහ ව්‍යාපාර කටයුතු අඩාල කිරීමට හේතු වී ඇති අතර දිළිඳු රටවලට මෙම තත්ත්වයෙන් වැඩි බලපෑමක් එල්ල වී තිබේ.

වසංගත තත්ත්වයෙන් ලොව පුරා රටවල සෞඛ්‍ය පද්ධතීන්ට ද දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ලෝක බැංකු සභාපතිවරයා පෙන්වාදෙයි.

මෙම තත්ත්වය තුළ ලොව පුරා මිලියන 60 කට අධික පිරිසක් දරිද්‍රතාවයට පත් වීමේ අවදානමක් පවතින අතර පසුගිය වසර 3 තුළ දිළිදුකම පිටුදැකීම සදහා ගත් සියළු ක්‍රියාමාර්ගයන් ද පලරහිත වනු ඇති බව ලෝක බැංකු සභාපතිවරයා සදහන් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More