දේශීය පුවත්

කොවිඩ් 19 වසංගත තත්වය  මර්දනය සඳහා ජනතාවට පටි තද කර ගෙන අරමුදල් දෙන්න කියද්දි ආණ්ඩුවේ සල්ලි යොදවලා ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හදන්න යනවනම් ඒක අතිශයින්ම වැරදි බව උදය ගම්මන්පිල මහතා පවසයි.

පිවිතුරු හෙළ උරුමයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යෙව්දීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පළ කළේය.

ප්‍රශ්නය : හෝමාගම ක්‍රිකට් පිටියක් හදන්න කටයුතු කරනවා නේද ? දැන් මේවා ඔබතුමන්ලා අනුමත කරනවද ? ඇත්තටම මේවා මේ වෙලාවේ අවශ්‍ය ද ?

පිළිතුරු : ඇත්තටම මේ පැහැදිලි නොවීම තමයි මෙතන තියෙන ප්‍රශ්නය. මීට වසර හතරකට කලින් ජාත්‍යන්තර ක්‍රිකට් සභාව නැත්නම් ICC ආයතනය ශ්‍රී ලංකාවට වෙන් කලා ඩොලර් මිලියන 30ක් අලුත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හදන්න. ඒ සල්ලි ලැබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් සභාවෙන්. ඒ සල්ලි ලැබෙන්නේ ජාත්‍යන්තර මට්ටමේ ‍ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට. ඒ සල්ලි වලින් ජනතාවට සහන දෙන්නවත් කොවිඩ් 19 මර්ධනය කරන්න අවශ්‍ය උපකරණ මිලදී ගන්නවත් නැත්තං ආර්ථිකය යළි පණ ගැන්වීමට වත් යොදාගන්න බැ. ජාත්‍යන්තරය ක්‍රිකට් සභාව සල්ලි දෙන්නෙ ක්‍රිකට් ක්‍රීඩාංගණය හදන්න සහ ක්‍රිකට් දියුණු කරන්න පමණයි. එතැන ලංකා ආණ්ඩුවේ සල්ලි සතයක්වත් නැ. ඒ සල්ලි අපි පාවිච්චි නොකළොත් වෙන රටකට දෙනවා ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හදාගන්න. සම්පූර්ණ වියදම දරන්නේ ICC ආයතනය. ඒ වගේම ශ්‍රී ලංකා ආණ්ඩුව මුදල් යොදවන්නේ නැ. ඒ දෙන මුදල කොවිඩ් 19 මර්දන කටයුතු වලට භාවිතා කරන්නත් බැහැ.

මේ වෙලාවේ කොවිඩ් 19 වසංගත තත්වය නිසා ඒක මර්දනය සඳහා ජනතාවට පටි තද කර ගෙන අරමුදල් දෙන්න කියද්දි ආණ්ඩුවේ සල්ලි යොදවලා ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හදන්න යනවනම් ඒක අතිශයින්ම වැරදියි. එහෙම කරනවා නම් ඒක වැරදියි කියන තැන අපිත් ඉන්නවා. නමුත් මෙතන එහෙම දෙයක් නෑ.

– අරවින්ද අතුකෝරල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More