දේශීය පුවත්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අම්ෆන් සුළිකුණාටුවේ බලපෑම හේතුවෙන් අදත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට හා නුවරඑළිය, කළුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර සියයක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉතා ප්‍රචණ්ඩ සුළිකුණාටුවක් බවට පත්ව ඇති අම්ෆන් සුළිකුණාටුව 1999 වසරින් පසු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ හටගත් ප්‍රබලම සුළි කුණාටුවද  වෙයි.

ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර 1250ක් පමණ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අම්ෆන් සුළි කුණාටුව උතුරට බරව ඊසාන දෙසට දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව නවතම කාලගුණ වාර්තාවේ දැක්වෙයි.

එය අද සවස් කාලය වනවිට බටහිර බෙංගාල වෙරළ හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂිතයි.

එම කුණාටුව දෙසට දිවයින හරහා ඇදී යන සුළං ධාරාව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10කට බලපෑම් එල්ල වී තිබේ.

ගතවූ පැය 24ක කාලය තුළ මිලිමීටර 173.5ක වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී තිබුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්ය.

මේ හේතුවෙන් බගවන්තලාව ප්‍රෙද්ශයේ එළවළු වගා ගොවිපලක් සම්පුර්ණයෙන්ම විනාශ වි තිබුණි.

ඇඳහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල මාර්ග රැසක් ජලයෙන් යටවි තිබුණි.

මේ අතර කොළඹ,කළුතර,රත්නපුර,කෑගල්ල,මහනුවර,මාතලේ, නුවරඑළිය, කුරුණෑගල,ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නිකුත් කළ නායයෑමේ අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි.

නායයාම් අධි අවදානම් කලාපයක් ලෙස හදුනාගෙන ඇති රත්නපුර දිස්ත්‍රික්යේ රත්නපුර, අයගම,ඇළපාත,කලවාන සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත් වන ජනතාවට ආරක්ෂාකාරීව එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලීමක් කරයි.

මේ අතර කළු ගඟේ රත්නපුර ප්‍රදේශයේ පැවති සුළු ගංවතුර තත්ත්වයේ අඩු විමක් දක්නට ලැබෙන නමුත්  මිල්ලකන්ද ප්‍රදේශයේ ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

නිල්වලා ගඟේ පානදුගම ප්‍රදේශයද පවතින්නේ අවධානයෙන් පසුවිය යුතු තත්ත්වයකයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More